Saturday, March 14, 2026
25.2 C
Sri Lanka

කතරගම දේවාලයේ ආදායම අට ගුණයක් දක්වා වේගයෙන් ඉහළට.

තමන් තනතුර  බාරගනිද්දී පැවති ආදායම මේ වනවිට අට ගුණයකින් ඉහළ දැමීමට සමත්ව ඇතැයි රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා පැවසීය. 

බස්නායක නිලමේ තනතුරේ රාජකාරි ආරම්භ කරන විට රුපියල් මිලියන 50ක්ව පැවැති වාර්ෂික ආදායම මේ වන විට රුපියල් මිලියන 400 ක් දක්වා වර්ධනය වී ඇතැයි ගුණසේකර මහතා වැඩිදුරටත් කීය. මෙම වසරේ පළමු මාස හය තුළදී පමණක් ආදායම රුපියල් මිලියන 214 ක් බව රුහුණු මහා කතරගම දේවාලයේ  ආදායම් වාර්තාව හෙළිදරව් කොට තිබේ.

මෙලෙස ආදායම වර්ධනය වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ බැතිමතුන් පූජාවට්ටිවල තබා දේවාලයේ කපු මහතුන් වෙත ලබාදුන් මිල මුදල් සහ පූජා භාණ්ඩ දේවාලයේ පඬුරු පෙට්ටි වෙත සහ කාර්යාලය වෙත බාරදීමට කටයුතු කරමින් සිටීම බව වාර්ෂික ආදායම් වාර්තා අනුව පෙනී යයි. දෙවියන් සඳහා පූජා කරන මිල මුදල් සහ භාණ්ඩ කපු මහත්වරුන් පෞද්ගලික පරිහරණයට ලබා ගැනීම පිළිබඳ ජනතාව දැනුවත් වීමත් සමඟ මෙම තත්ත්වය උදා වී තිබේ. මේ අතර දේවාලයේ ආදායමෙන් ගොඩනැගූ අපේක්ෂා රෝහලේ ඇඳන් 500 ක වාට්ටු සංකීර්ණය ජූලි 23 වැනිදා විවෘත කිරීමට සූදානමින් සිටින බවත්, ඉදිරියේදී රුපියල් කෝටි සියයක් වියදම් කොට නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය ද සහිතව තවත් වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීමට සූදානමින් සිටින බවත් රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේවරයා පැවසීය.

FacebookTwitterWhatsAppTelegramXShare

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img