Saturday, March 14, 2026
25.2 C
Sri Lanka

තව පොඩ්ඩෙන් ඔක්කොම ඉවරයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි වැදුනේ මෙහෙමයි.

අමෙරිකානු හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම වත්මන් ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරක්ෂකයින්ගේ නොසැලකිල්ල හේතුවෙන් ට්‍රම්ප් මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ට්‍රම්ප්ගේ ආරක්ෂාවට සිටි නිළධාරීන්ට මේ වනවිට බොහෝ පාර්ශ්ව වෙතින් චෝදනා එල්ල වන අතර එම පාර්ශ්ව සඳහන් කරන්නේ අදාළ ආරක්ෂක නිළධාරීන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට නිසි ආරක්ෂාවක් සපයා නොමැති බවයි.

ට්‍රම්ප් සහභාගී වූ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පැවති මැතිවරණ රැළියක් ඉලක්ක කර එල්ල වු වෙඩි ප්‍රහාරවලින් ට්‍රම්ප්ගේ දකුණු කන ආශ්‍රිතව තුවාල සිදුවුණා.

වෙඩි ප්‍රහාරය එල්ලවනවාත් සමගම ට්‍රම්ප් බිම දිගා වූ අතර එම අවස්ථාවේ ඔහුගේ ආරක්ෂාවට සිටි නිළධාරීන් වහාම ඔහුව වේදිකාවෙන් ඉවත් කිරීමට කටයුතු කළා.

ඒ වනවිටත් ට්‍රම්ප්ගේ කන ආශ්‍රිතව සහ මුහුණෙහි රුධිරය තිබෙනු දක්නට ලැබෙනවා.

එම මැතිවරණ රැළියට සහභාගි වී සිටි ‘ග්‍රෙග්’ නැමැති පුද්ගලයෙකු බීබීසී පුවත් සේවය සමග අදහස් දක්වමින් එම අවස්ථාවේ සිදුවු දේ පිළිබඳ පැහැදිලි කර තිබුණා.

ට්‍රම්ප් රැළිය අමතද්දී, වෙඩි තැබීම කළ බව පැවසෙන ස්නයිපර් තුවක්කුකරු, අඩි 400 ක් පමණ ඈතින් පිහිටි උස් ගොඩනැගිල්ලට ගොඩවන අයුරු තමන් දුටු බවත්, තමන් ඒ මොහොතේම ඒ පිළිබඳ ට්‍රම්ප්ගේ ආරක්ෂකයින්ට පැවසූ බවත් ‘ග්‍රෙග්’ නමැති පුද්ගලයා විසින් බීබීසී පුවත් සේවය සමග ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් ට්‍රම්ප්ගේ ආරක්ෂක අංශ සාමාජිකයන්ට ඒ බව පැවසුවද ඔවුන් එය ගණනකටවත් නොගත් බවයි ග්‍රේග් චෝදනා කර ඇත්තේ.

“වහලයට කෙනෙක් නගිනවා මම දැක්කා.. ඒ මොහොතේම මම ඒක ට්‍රම්ප්ගේ ආරක්ෂක නිලධාරීන්ට කීවා… ඒත් ඔවුන් මාව ගණන් ගත්තේ නැහැ.. එසැණින් වෙඩි හඩ අසන්න ලැබුණා..”

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img