Friday, December 5, 2025
21 C
Sri Lanka

ලොකු ගානකින් විදුලි ගාස්තුව අද පහළ දමයි.

මේ වර්ෂයට අදාළ දෙවන විදුලි ගාස්තු සංශෝධනය අද (15දා) ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර තිබෙන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.

ගාස්තු සංශෝධනයටඅදාළ ගණනය කිරීම සිදුකරගෙන යන බවත් මේ අනුව අද (15දා) කොමිෂන් සභාව රැස් වී අදාළ තීන්දු තීරණ ප්‍රකාශයට පත් කිරීමට සැලසුම් කර තිබෙන බවද එම කොමිසමේ සභාපතිමහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා %අද^ කළ විමසීමකදී සඳහන් කළේය.

මේ වර්ෂය සඳහා විදුලිබල මණ්ඩලය විසින් යෝජනා කර ඇති විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපදේශනයේ වාචික අදහස් ලබාගැනීම09වන දින පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විය.

අදාළ උපදේශනයේදී යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා විවිධ විදුලි පාරිභෝගික කණ්ඩායම්, කර්මාන්ත හා සංවිධාන නියෝජනය කරමින් 50දෙනෙකු පමණ ලියාපදිංචි වී අදහස් දැක්වීම සිදුවිය.

මෙවර ගාස්තු සංශෝධනයේ විදුලි ගාස්තු අඩුවන බවට විෂය භාර අමාත්‍යවරයා විසින් මීට පෙර ප්‍රකාශ කළ අතර, මීට අමතරව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවා විදුලි ගාස්තුව අඩුකළ හැකි බවට ප්‍රකාශ කරනු ලැබිණි.

මේ අනුව අද සිට සිදුවන විදුලිගාස්තු සංශෝධනයේදී විදුලිබිල අඩු වන අතර, අදාළ ගාස්තු අද මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබේ.

මේ වසරේ පළමු විදුලි ගාස්තු සංශෝධනය මාර්තු 04වන දින සිදුවූ අතර, මේ අනුව පොදුවේ විදුලි ගාස්තුව 21. 9෴කින් අඩු විය.

මෙහිදී ඒකක30ට අඩු කාණ්ඩයේ විදුලි ගාස්තුව 33%කින් අඩු වූ අතර,මෙවර ගාස්තු සංශෝධනයේදීත් ඒකක 30ට අඩුවෙන් භාවිත කරනජනතාවට සැලකිය යුතු සහනයක් හිමි වීමට නියමිතව තිබෙන බවද වාර්තා වේ.

Hot this week

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

Topics

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...

වසර 70කට පසු රුසියාවෙන් උතුරු කොරියාවට සෘජු ගුවන් ගමන්: ලෝකය මවිත කළ අලුත් සබඳතාවක්!

දශක ගණනාවකට පසු, ලෝකයේ අවධානය දිනාගත් සුවිශේෂී සිදුවීමක් පසුගියදා...

දෙහිවල තරුණයාගේ ඝාතකයා කහතුඩුවේ වෙඩි හුවමාරුවකින් මරුට

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img