Saturday, March 14, 2026
26 C
Sri Lanka

අඹු සැමි යුවලක් පාසල් වේලාවේ විදුහල්පතිට ඇඟේ හයිය පෙන්වයි.

කුරුණෑගල මාවතගම ප්‍රදේශයේ විදුහල්පතිවරයකුට සහ ගුරුවරියන් දෙදෙනකු පාසල් භූමියේදී අඹුසැමි යුවළක් අද උදෑසන පහර දි ඇතැයි පොලිසිය පවසයි.

පහරකෑමට ලක්වූ විදුහල්පතිවරයා සහ ගුරුවරියන් දෙදෙනා මාවතගම රෝහලට ඇතුළත් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

විදුහල්පතිවරයා පහර දුන් බව කියමින් අත්අඩංගුවට ගැනීමට සොයන කාන්තාව අද සවස කුරුණෑගල රෝහලට ඇතුළත්ව ඇතැයි පොලිසිය පවසයි.

අඹුසැමි යුවලක් ්‍ විදුහලට පැමිණ එහි ගුරුවරියක් සමග කතා කතාබස් කරමින් සිටියදී පාසල් වේලාවේ කතා බස් නොකරන්නැයි විදුහල්පතිවරයා අඹුසැමි යුවළට අවවාද කර අඹුසැමි යුවළ සමඟ කතා කතාබස් කරමින් සිටියේ යැයි කියන ගුරුවරියට ද පන්තියට ගොස් උගන්වන ලෙස දැනුම් දී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මෙසේ අවවාද කිරීමෙන් පසු කෝපයට පත් වූ බව කියන කාන්තාව විදුහල්පතිගේ කමිස කොලරයෙන් අල්ලා ඔහුට දිගට හරහට පහර දී ඇතැයි ද එම උසස් පොලිස් නිලධාරියා කීය.

පහරදීම වැළැක්වීමට පැමිණි ගුරුවරියන් දෙදෙනාට කාන්තාවගේ සැමියා හෙල්මටයකින් පහර දී ඇතැයි ද පොලිස් ආරංචිමාර්ගවලින් දැන ගැනීමට ඇත.

ඒ අවස්ථාවේ කාන්තාව පැළඳ සිටි රන් මාලය කැඩී බිම වැටී ඇති අතර විදුහල්පතිවරයා එම මාලය අහුලාගෙන පොලිසියට බාරදී තිබේ.

එම කාන්තාවගේ සහෝදරියකගේ දරුවා එම පාසලේ ඉගෙනුම ලබන අතර එම දරුවාගේ මව විදෙස්ගතව සිටින බව කියති.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img