Wednesday, January 28, 2026
20.8 C
Sri Lanka

ලක්ෂ 7ක රන් මාලය ගන්න තරුණියක ගෙදරක සිරකර විසිදාහක පලතුරු කන්න දෙයි

තම තරුණ බිරිය දරු ප්‍රසූතිය සිදුකර සති දෙකක් යාමටද පෙර මිතුරකු හඳුන්වා දුන් වෙනත් තරුණියක සොයා ගිය 35 හැවිරිදි පුද්ගලයකුගේ ලක්ෂ හතහමාරක රන් මාලයක් තරුණිය විසින් ගිල දැමීම නිසා සතියකට අධික කාලයක් තිස්සේ තරුණිය බලහත්කාරයෙන් නිවෙසක රඳවාගෙන රුපියල් විසිදහසකට අධික ප්‍රමාණයක පලතුරු ආහාරයට ලබාදීමේ පුවතක් හිඟුරක්ගොඩ පොලිසියෙන් වාර්තා වේ.
නැති වූ මාලය තරුණියගේ තිසර පට තුළ තිබී සොයාගත් බව පොලිසිය කියයි.
රන් මාලය නැතිවීම සම්බන්ධයෙන් 28 හැවිරිදි තරුණිය සහ ඇය බලහත්කාරයෙන් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් 37 හැවිරිදි පුද්ගලයෙක් සහ තරුණයෝ තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
මාලය නැතිවූ පුද්ගලයා ධනවතකු වන අතර බිරිය තෙවැනි දරුවා බිහිකර සති දෙකකට පමණ පසු ඔහු තම පෞද්ගලික අවශ්‍යතාව යහළුවකුට පවසා ඇත.
ඒ අනුව ඔහු සිය නිවසේදී ඉකුත් ජූලි 29 දා තරුණිය මුණගස්වා ඇති බව පොලිසිය පවසයි.

ටික වේලාවක් තරුණිය සමග කතා කරමින් සිටින විට තරුණිය ‘ආ අයියා ලස්සන චේන් එකක් දාගෙන ඉන්නවානෙ. පොඩ්ඩක් දෙනවද දාගෙන ඉන්න’ යැයි පවසා තරුණයාගෙන් පවුම් තුනහමාරක් බරැති මාලය ගලවාගෙන ඇයගේ ගෙලේ පළඳවාගෙන ඇත.
මද වේලාවකට පසු තරුණයා අසල වෙළඳසලකට ගොස් පැමිණ බලද්දී තම මාලය තරුණියගේ ගෙලේ නොමැති බව දැක ප්‍රශ්න කිරීමේදී ඇය මාලය ගිල දැමූ බව පවසා ඇත.
තරුණිය එදින එම නිවසේ බලහත්කාරයෙන් රඳවා තබාගෙන පසුදා එක්ස්රේ එකක් ලබාගෙන ඇති අතර එහි තරුණියගේ උදරය තුළ රන් මාලය තිබෙන බව පෙනී ගොස් ඇතැයි පොලිසිය කියයි.
පසුව ඇය තම මිතුරකුගේ නිවසේ නවත්වා ඇයට නිරන්තරයෙන් පලතුරු ආහාර ලබාදී ඇත. දින පහක් පමණ රුපියල් 20,000ක් පමණ වටිනාකමකින් යුතු පලතුරු ලබා දුන්නද මාලය ලැබී නොමැති බව අනාවරණය වී තිබේ. හයවැනි දින අලුයම තරුණියට මාලය හමුවී ඇය එයද රැගෙන නිවසින් පලා යද්දී ඇය රඳවාගෙන සිටි තිදෙනා ඇය සොයා ගොස් ඇති අතර බියට පත් තරුණිය යුද හමුදා කඳවුරකට දුවගොස් ඇතැයි කියයි.
යුද හමුදා කඳවුරේ නිලධාරීන් මින්නේරිය පොලිසියට බාරදුන් තරුණිය පසුව හිඟුරක්ගොඩ පොලිසියට බාරදී ඇති අතර එම අවස්ථාවේදී රන් මාලය හිමි තරුණයාද තම මාලය නැතිවීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට හිඟුරක්ගොඩ පොලිසියට පැමිණ ඇත.

පැමිණිල්ල ලියාගැනීමෙන් අනතුරුව තරුණිය පරීක්ෂා කිරීමේදී ඇයගේ තිසරපට තුළ තිබී රුපියල් ලක්ෂ හතහමාරක් වටිනා මාලය හමු වූ බව හිඟුරක්ගොඩ පොලිසිය පවසයි.
සැකකාරිය සහ සැකකරුවෝ සිව් දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටිති.
හිඟුරක්ගොඩ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක විමලදාස මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් බණ්ඩාර, උපපොලිස් පරීක්ෂක ජයසිංහ, සැරයන් ප්‍රියන්ත (51138), කාන්තා පොලිස් සැරයන් අසෝකා (2408), කාන්තා පොලිස් කොස්තාපල් ඉඩමේගම (6782) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

Hot this week

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

Topics

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...

වසර 70කට පසු රුසියාවෙන් උතුරු කොරියාවට සෘජු ගුවන් ගමන්: ලෝකය මවිත කළ අලුත් සබඳතාවක්!

දශක ගණනාවකට පසු, ලෝකයේ අවධානය දිනාගත් සුවිශේෂී සිදුවීමක් පසුගියදා...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img