Saturday, March 14, 2026
25.2 C
Sri Lanka

කාපීරින් රදවා තිබුණු එදා වහල් දූපත තමයි අද කොම්පඤ්ඤවීදිය. ගොඩක් දෙනෙක් නොදන්න ඉතිහාස කතාව.

1630 වසරේදි ශ්‍රී ලංකාවට මුලින්ම වහල් සේවය සදහා මොසැම්බික්, මැඩගස්කර් වැනි රටවල් වලින් කාපීරි ජනතාව රැගෙන ආවේ පෘතුගීසීන් විසිනුයි. 1796 වසරේදී ලංකාවේ මුහුදුබඩ පළාත් ඉංග්‍රීසින්ගේ පාලනයට යටත් වීමත් සමගම වහල් සේවය සදහා රැගෙන ආ මෙම කාපිරී ජනතාව රාජ්‍ය සේවයේ පහළ කම්කරු තනතුරුවලට යෙදවීමට බලධාරීන් කටයුතු කලා. වර්තමානයේ කොම්පඤ්ඤවීදිය නමින් හඳුන්වන ස්ථානය අතීතයේ හැදුන්වූයේ කාපීරි ජාතිකයන් රදවා තිබුනු වහල් දූපත ලෙසයි. බ්‍රිතාන්‍ය රජය විසින් පසුකාලීනව මෙම කාපීරි ජනතාව වෙනුවෙන් සේනාංකයක් නිර්මාණය කල අතර එම සේනාංකය වෙනුවෙන් 1875 වසරේදී බැරැක්කයක්ද ඉදි කර තිබුණා. මේ බැරැක්කයේ එක් මායිමක් ලෙස බේරේ වැව සලකා තිබූ බව සදහන්. පසුකාලීනව මෙම සේනාංකය ගාල් කර තිබූ බැරැක්කය කාපීරි මුඩුක්කුව ලෙස ව්‍යවහාර වෙන්නට පටන් ගත්තා.
කාපීරි මුඩුක්කුවේ වාසය කල පිරිස් අතරින් බහුතරය නූගත් පුද්ගලයන් වූ අතර ඔවුන් එදිනෙදා ජීවනෝපාය සරි කර ගත්තේ මුට්ට කරගැසීමෙන් හෝ නගරසභාවේ කුණු ඇදිමේනුයි. මුළු මුඩුක්කුවටම පැවතුනේ එක් ජල පයිප්පයක් පමණක් නිසා පැය 24 පුරාම එම පයිප්පය ඉදිරියේ ජල පෝලීම් දකින්නට ලැබුණා.


ඒවගේම චන්ඩින්ගේ රජදහනක් වූ මෙම මුඩුක්කුවේ ඩේවිඩ් අයියා, රෙජි අයියා, කෝට් සෙල්ලයියා, ගෝරිල්ලා, බණ්ඩා, මුර්ග විලේ අයියා වැනි නම් රැගත් චන්ඩීන් විශාල ප්‍රමාණයක් වාසය කර තිබෙනවා. ඔවුන්ගේ බල පුළුවන්කාරකම කොතෙක්ද යත් පොලීසිය පවා මෙම ප්‍රදේශයට යාමට දක්වා තිබුනේ විශාල බියක්. ඒවගේම මේ කාපීරි මුඩුක්කුවල තවත් ජයටම සිදු කෙරුණු ව්‍යාපාරයක් වුනේ පරණ කෝට් සහ ඇදුම් වෙළදාමයි.


කෙසේ වෙතත් අතීතයේ කාපීරි මුඩුක්කුව ලෙස හැදින්වූ මෙම ප්‍රදේශය වර්තමානයේ හැදින්වෙන්නේ රෝහිණි පටුමග සහ කෝසල පටුමඟ ලෙසටයි. වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ මෙම කාපීරි ජනතාව දකින්නට ලැබෙන්නේ ඉතා අඩුවෙනුයි. කෙසේ වෙතත් අදටත් අප්‍රිකානු සම්භවයක් සහිත ජනතාව පුත්තලමේ සහ මඩකළපුවේ වාසය කරන බව වාර්තා වී තිබෙනවා

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img