Friday, December 5, 2025
20.8 C
Sri Lanka

වසර 40 කට පෙර ගිනි තැබූ යාපනය පුස්තකාලය වෙනුවෙන් මිලියන 100 ක්. කවදාවත් හදන්න බැරි ඓතිහාසික වැරැද්දක් අනුර අද නිවරදි කලේ මෙහෙමයි.

අතීතය අමතක කරන්නාට අනාගතයක් නැතැයි යන කියමනක් සමාජයේ අහන්නට ලැබෙනවා. අතීතය කර පින්නාගෙන සිටීමට වඩා වටින්නේ අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන ඒ අනුව අනාගතය හරි ගස්සා ගැනීමයි. අනුර අද තමන්ගේ මංගල අයවැයේදී සිදු කලේ අතීතයේ අපේ රටේ පාදඩ දේශපාලකයන් විසින් සිදු කල කිසිදා හරි ගැස්සවිය නොහැකි වරදක් වෙනුවෙන් කල හැකි උපරිම සාධාරණයයි.


අදින් වසර 44 කට පෙර 1981 වසරේ ජුනි 04 වෙනිදා උදා වී තිබුනා. එදිනට යාපනයේ දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණු නිසා යාපනය නගරය පුරාම තිබුනේ කාර්යබහුල බවක්. කෙසේ වෙතත් එදින මැතිවරණය පැවැත්වීම වෙනුවට සිදු වුනේ මුළු මහත් ලෝකයක්ම කම්පා කෙරුණු සාහසික අපරාධයක්. ඒ යාපනයේ මිනිසුන්ගේ හදවත බදු යාපනය පුස්තකාලය ගිනිතබා විනාශ කර දැමීමයි.


දෙමළ, සිංහල සහ ඉංග්‍රීසි පමණක් නොව. සංස්කෘත, ලන්දේසි, ප්‍රංශ හා ලතින් භාෂාවෙන් ලියවුනු පතපොත මෙන්ම ඓතිහාසික ලියවිලි සහ අත් පිටපත් ද ඇතුළු 95,000 කට අධික ග්‍රන්ථ සම්භාරයක නිවහන වූ යාපනය පුස්තකාලය ගිනි තබා විනාශ කලේ යාපනය සංවර්ධන සභා මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා යාපනයට ගිය ඇමතිවරුන් වන ගාමිණී දිසානායක, ගාමිණි ජයවික්‍රම පෙරේරා, ජී. එම් ප්‍රේමචන්ද්‍ර සහ සිරිල් මැතිව් යන අයගේ සෘජු මැදිහත්වීමෙන් බව ඇසින් දුටු සාක්ෂි වලින් සනාථ වී තිබුනා. ජනාධිපති ජේ ආර් ජයවර්ධනගේ නායකත්වයෙන් එවක පැවති එක්සත් ජාතික පක්ෂ රජයේ තරුණ කටයුතු භාර අමාත්‍යවරයා වුයේ රනිල් වික්‍රමසිංහයි. අගමැති වූයේ සජිත් ප්‍රේමදාසගේ පියා රණසිංග ප්‍රේමදාසයි.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාර්ලිමේන්තු විපක්ෂය වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ යාපනය රැස්වීම් භූමියකදී සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් භටයන් තිදෙනකු මරුමුවට පත්වීමෙන් අනතුරුව ආරක්ෂක අංශ හා එක්වූ දකුණෙන් ගිය එක්සත් ජාතික පක්ෂ ආධාර කරුවන් දින තුනක් තිස්සේ යාපනයේ දියත් කළ ප්‍රචණ්ඩතාවට බිලි ගන්නා ලද අගනාම සංස්කෘතික වස්තුව වූයේ යාපනය පුස්තකාලයයි.


මීට අමතරව ඊලනාඩු පුවත්පත් කාර්යාලය, දෙමළ එක්සත් විමුක්ති පෙරමුණු කාර්යාලය, හින්දු කෝවිලක් සහ සිය ගණනක් කඩ සාප්පු හා නිවාසද දකුණින් ගිය එජාප මැරයන් සහ ආරක්ෂක අංශ විසින් ගිනිබත් කර දැමීමට කටයුතු කලා. ඒ කිසිදු අපරාධයක් සම්බන්ධයෙන් වසර 42ක් ගතවී ඇතත් තවමත් ඒ සමබන්ධව කිසිදු නීතියක් ක්‍රියාත්මක වී නැහැ. තත්වය එසේ තිබියදී තමන්ගේ මංගල අයවැයේදීම යාපනයේ ජනතාව වෙනුවෙන් යුක්තිය ඉටු විය යුතු බව තීරණය කල අනුර කුමාර ජනාධිපතිතුමා යාපනය පුස්තකාලය ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 100 ක් වෙන් කලේ මේ ආකාරයටයි.

Hot this week

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

Topics

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...

වසර 70කට පසු රුසියාවෙන් උතුරු කොරියාවට සෘජු ගුවන් ගමන්: ලෝකය මවිත කළ අලුත් සබඳතාවක්!

දශක ගණනාවකට පසු, ලෝකයේ අවධානය දිනාගත් සුවිශේෂී සිදුවීමක් පසුගියදා...

දෙහිවල තරුණයාගේ ඝාතකයා කහතුඩුවේ වෙඩි හුවමාරුවකින් මරුට

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img