Saturday, March 14, 2026
26 C
Sri Lanka

සංජීව මරපු මිනිමරුවාට ලංකාවේ කොල්ලෝ පිස්සු වැටුනේ ඇයි? ඔයාටත් මේ ලෙඩේ තියෙනවද කියලා බලන්න.

ගණේමුල්ලේ සංජීව ඝාතනය වීමෙන් පසුව මාධ්‍ය හරහා අලුත් කඩේ උසාවියේදී ඔහුගේ ඝාතනය සිදු කර පලා ගිය පුද්ගලයාගේ ජායාරූප සහ විඩීයෝ පට කිහිපයක් විකාශය කර තිබුනා. සමාජ මාධ්‍ය වල සංසරණය වුණු මේ වීඩියෝ පට බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වුනා. කෙසේ හෝ මෙහිදී ඇති වුණු සුවිශේෂී තත්වයක් වුනේ අතිශයින් දරුණු අපරාධයක් සිදු කර පලා යමින් සිටි මෙම ඝාතකයාට ඉතා ඉහල ආකර්ෂණයක් හිමි වීමයි. ෆේස්බුක් සමාජ මාධ්‍ය පුරාම බොහොමයක් යුවතියන් ඔහුට පක්ෂපාතීව විවිධාකාරයේ කමෙන්ට් දමා තිබුනා. මෙය සාමාන්‍ය තත්වයක් වූවත් මෙම තත්වය වෛද්‍ය විද්‍යාත්මකව හදුවන්නේ Hybristophilia යන නමිනුයි.


අපරාධකාරී ඉතිහාසයක් සහිත හෝ ප්‍රචන්ඩකාරී හැසිරීම් දක්වන පුද්ගලයන් වෙත රෝමාන්තික හැගීම් හෝ ලිංගිකමය ආකර්ශණයක් ඇතිවීමේ මානසික තත්වය ලෙස මෙය සරලව හදුන්වන්නට අපිට පුලුවන්. මෙම තත්වය “Bonnie and Clyde Syndrome” යන නමිනුත් හදුන්වනවා. එය එසේ හදුන්වන්නට හේතුව වුනේ ඇමෙරිකාවෙ 20 වන සියවසේ සිටි Clyde Barrow සහ Bonnie Parker කියන පෙම්වතුන් යුවල අතර තිබුණු නොබිදිය හැකි තරමේ ආදර සම්බන්ධයයි. ඔවුන් දෙදෙනා බැංකු මංකොල්ලකෑම් ආදී සාහසික අපරාධ රැසකට සම්බන්ධ වුනු දෙදෙනෙක් බව වාර්තා වෙනවා.ඔවුන් දෙදෙනා අතර කොතරම් නම් ආදරණීය සම්බන්ධයක් පැවතියේද යත් Clyde සිරගත වී සිටින අවස්ථාවේ ඔහුට හිරෙන් පැනීමට පවා Bonnie අවශ්‍ය කටයුතු සැලසුම් කරනවා.ඔවුන් දෙදෙනාගේ මේ ආදර කතාව අලලා පසුකාලීනව චිත්‍රපටයක් පවා නිර්මාණය වුනා.


කෙසේ හෝ මේ මානසික තත්වය ඇති වීමට බලපාන ප්‍රධානම කාරණා ලෙස තමන් පිලිබද තිබෙන අඩු ආත්ම අභිමානය,කුඩාකාලයේ ඇතිවෙන කම්පන තත්ව,අපයෝජන තත්ව,චිත්‍රපටි හෝ කලා නිර්මාණ මගින් ඇතිවෙන බලපෑම වැනි තත්වයන් හදුන්වන්නට පුළුවන්. ඒවගේම ඩු සහකම්පනයක් සහිත,සමාජ සම්මතයන්ට එකග නොවන ලක්ශන තිබෙන අයත් මේ ආකාරයට අපරාධකාරයන්ට ආකර්ශණය වීමේ ප්‍රවණතාවයක්ද දකින්නට ලැබෙනවා. ඒවගේම මෙහි ඇති සුවිශේෂි ලක්ෂණය වන්නේ කාන්තාවන් අපරාධකාරී පිරිමින් වෙත ආකර්ශනය වීම වගේම අපරාධකාරී කාන්තාවන් වෙත පිරිමින් ආකර්ශනය වීමත් සිදු වීමයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img