Friday, December 5, 2025
20.8 C
Sri Lanka

සංජීවගේ මරණය සමග පාතාලය කැළඹෙයි. ගනේමුල්ලේ සංජීවට වෙඩි තිබ්බේ මමයි, කමාන්ඩෝ සලින්ත පාපොච්චාරණය කරයි. සංජීවගේ මරණය පිටුපස ඉන්නේ කෙහෙල්බද්දර පද්මේද?

අද දවසේ සියලුම මාධ්‍යයන් වගේම ලංකාවේ බොහෝ පිරිසක් කැළඹීමට ලක් කෙරුණු පුවතක් වුනේ මාකිලංගමුවේ සංජීව එසේත් නැතිනම් ගනේමුල්ලේ සංජීව නම් පාතාල නායකයා, අලුත්කඩේ උසාවි භූමිය තුලදී නීතිඥයෙක් ලෙස සැරසුණු පුද්ගලයෙක් විසින් වෙඩි තබා ඝාතනය කිරීමයි. මේ ඝාතනය පිලිබදව මේ වන විට විමර්ශන ආරම්භ වී ඇති අතර වෙඩික්කරුවා පිලිබදව මෙන්ම වෙඩික්කරුවාට ආයුධය සැපයූ අය පිලිබදවත් මේ වනවිට තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. නමුත් මේ වන විට අප ඉදිරියේ තිබෙන පැනය වන්නේ සංජීව ඝාතනය පිටුපස ඇති අදිසි හස්තය කාගේද යන්න පිළිබදවයි.


කෙසේ හෝ සංජීව ඝාතනය වී මිනිත්තු කිහිපයක් ඇතුලත නෙත් එෆ් එම් රේඩියෝ නාලිකාවට ඇමතුමක් ලබා ගත් කමාන්ඩෝ සලින්ත යනුවෙන් තමන් හදුන්වා ගත් පුද්ගලයා, තමන් විසින් ගනේමුල්ලේ සංජීව ඝාතනය කල බවට සෘජු ප්‍රකාශයක් සිදු කර තිබුණා. නමුත් තවමත් මෙම ඝාතනය සිදු කලේ ඔහු විසින්ද යන්න නිශ්චිතවම තහවුරු කරගෙන නැහැ.
එසේම සංජීව සමග කාලයක පටන් කෝන්තරයක් ගොඩ නගාගෙන සිටි මන්දිනු පද්මේ එසේත් නොමැති නම් කෙහෙල්බද්දර පද්මේ පිලිබදවත් බොහෝ දෙනෙක් සැක පල කරමින් සිටිනවා. පද්මේ සහ සංජීව අතර වෛරයක් ගොඩ නැගෙන්නේ පද්මේගේ පියා සංජීව අතින් ඝාතනය වීමත් සමගයි. පද්මේ එක්තරා නාලිකාවක මාද්‍ය සාකච්ජාවකට එකතු වෙමින් ප්‍රකාශ කලේ යම් දිනයක සංජීව ඝාතනය කීරිම අනිවාර්යෙන්ම සිදු කරන බවයි. එය තමන්ගේ පියාගේ මරණයට සාධාරණයක් ලෙස තමන් සලකන බවටත් පද්මේ සදහන් කර තිබුණා. ඒවගේම සංජීවට තර්ජනය කල ඔහු සදහන් කලේ බේරීමට අවශ්‍ය නම් සියල්ලටම පෙර පද්මේ වන තමන්ව ඝාතනය කර අවසන් කරන ලෙසටයි. මේ කෝන්තරය පිලිබදව දන්නා බොහොමයක් දෙනා සදහන් කරන්නේ සංජීවගේ මේ ඝාතනයට වගකිව යුත්තේ මේ වන විට විදෙස්ගතව සිටින කෙහෙල්බද්දර පද්මේ සහ ඔහුට හිතවත් අවිශ්ක මල්ලි යන තැනැත්තා බවයි.


කෙසේ වෙතත් මේ වන විට ඝාතනය වී සිටින ගනේමුල්ලේ සංජීවගේ ඝාතනය පිටුපස සිටින්නේ කොමාන්ඩෝ සලින්තද එසේත් නැතිනම් කෙහෙල්බද්දර පද්මේ සහ අවිශ්ක මල්ලීද එසේත් නැතිනම් වෙනත් පාතාල නායකයෙක්ද යන්න පිලිබදව නුදුරේදීම තීරණය වේවී. දුබලයෙක් විසින් ප්‍රබලයෙක් ඝාතනය කලාද, ප්‍රබලයෙක් විසින් දුබලයෙක් ඝාතනය කලාද යන්න පිලිබදව ඉදිරියේදී තීරණය වීමට නියමිතව තිබෙනවා.


කෙසේ වෙතත් මේ පාතාල ගැටුම් අධිකරණය භූමිය දක්වාම ව්‍යාප්ත වී ඇති මොහොතක ඔවුන් මර්ධනය කිරීමට කෙසේ වෙතත් පාලනය කිරීමට හෝ කටයුතු කිරීමේ අව්ශ්‍යතාවය මේ වන විට තදින් දැනෙමින් තිබෙනවා.

Hot this week

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

Topics

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...

වසර 70කට පසු රුසියාවෙන් උතුරු කොරියාවට සෘජු ගුවන් ගමන්: ලෝකය මවිත කළ අලුත් සබඳතාවක්!

දශක ගණනාවකට පසු, ලෝකයේ අවධානය දිනාගත් සුවිශේෂී සිදුවීමක් පසුගියදා...

දෙහිවල තරුණයාගේ ඝාතකයා කහතුඩුවේ වෙඩි හුවමාරුවකින් මරුට

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img