Saturday, March 14, 2026
26 C
Sri Lanka

බිලියන 325ක වී ගන්න බිලියන පහක් දීලා අපට මාෆියාව කියනවා.. මොන කතාද මේ..- ඩඩ්ලි සිරිසේන

මෙම කන්නයේ වී අස්වන්න මිලට ගැනීම සඳහා රුපියල් බිලියන 325ක් අවශ්‍ය බවත් රජය රුපියල් බිලියන පහක මුදලක් වෙන් කර පාට් දමමින් සිටින බවත් ප්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරයි.

මෙවර මෙට්‍රික් ටොන් මිලියන 26ක අස්වැන්නක් අපේක්ෂා කරන බවත් දේශපාලනඥයින් තම නොහැකියාව, බැරිකම, නොදැනුවත්කම වහගන්න සහල් මාෆියාව කියා චෝදනා නඟන බවද ඔහු පවසයි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කාලයේ ඩොලරය පහළ අගයක තියෙද්දී පොහොර සදහා රුපියල් බිලියන 42ක් වෙන්කර ඇති බවත් අද ඩොලරය 300 වෙද්දී වෙන් කර ඇත්තේ බිලියන 35ක් පමණක් බවත් ඔහු පැවසුවේය.

කොළඹ සංවිධානය කර තිබූ පශ්චාත් අයවැය සංවාද සභාවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය.

“හැම දේශපාලනඥයකුටම රටේ ප්‍රශ්න විසඳන්න නෙවෙයි ඕන. රටේ ප්‍රශ්න ඇතිකරන්නයි ඕන. රටේ කන්න සහල් නෑ, පොල් නෑ, මොකක්ද මේ ? මාෆියාව කියලා තමන්ගේ නොහැකියාව, බැරිකම , නොදැනුවත්කම වහගන්න හදනවා. දැන් බලන්න පෞද්ගලික අංශයේ සේවක වැටුප් වැඩිවීම රුපියල් 30000ක් කියන්නේ මොකක්ද ? රුපියල් 30000ක් දීලා මිනිස්සු තියාගන්න පුළුවන් ද ? ඕක අයවැයෙන් කියන්න දෙයක්ද ? මොනවද මේ මෝඩ කතා”

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img