Friday, December 5, 2025
20.8 C
Sri Lanka

අනුරාධපුර ස්ත්‍රී දූෂකයාව වෛද්‍යවරිය පෙරට්ටුවේදී හඳුනාගැනේ – රහස් ප්‍රකාශයක් දීමට සැකකරු ඉල්ලයි

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කිරීමේ චෝදනාවට ලක්ව සිටින සැකකරු අද දින (මාර්තු 28) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවකදී අදාළ වෛද්‍යවරිය විසින් හඳුනාගනු ලැබුවාය.

අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී අද දින කැඳවූ මෙම නඩුවේදී, පසුගිය නඩුවාර දෙකෙහිදීම අධිකරණයට පැමිණ නොසිටි වෛද්‍යවරිය අද දින අධිකරණයට පැමිණ සිටියාය. මහේස්ත්‍රාත්වරයාගේ නිල කාමරයේදී පැවැත්වූ හඳුනාගැනීමේ පෙරට්ටුවේදී, අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ නේවාසිකාගාරය තුළදී තමා ලිංගික හිංසනයට ලක් කළ සැකකරු වෛද්‍යවරිය විසින් නිවැරදිව හඳුනාගනු ලැබීය.

මෙම සිද්ධියට අදාළ සැකකරු, වෛද්‍යවරිය බිය ගන්වා ලිංගික හිංසනයට ලක් කිරීමේ චෝදනාව මත, සිද්ධිය වාර්තා වී පැය 24ක් ගත වීමටත් පෙර ගල්නෑව ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 05ක් යොදවා තිබූ අතර, අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගෙන ඇත.

පොලිස් වාර්තා අනුව, ළමා රෝග පුහුණු විශේෂඥ වෛද්‍යවරියක ලෙස සේවය කරන, අවිවාහක හා වයස අවුරුදු 32ක් වන මෙම වෛද්‍යවරිය, සිය පැමිණිල්ලේ විස්තරාත්මකව සිදුවීම පැහැදිලි කර ඇත.

”මම පසුගිය 10 වැනිදා සවස 03.30ට රාජකාරි අවසන් කරලා වෛද්‍ය නේවාසිකාගාරයට පැමිණියා. පසුව ත්‍රිරෝද රථයකින් රුවන්වැලි සෑයට ගිහින් වැඳපුදාගත්තා. ඊට පස්සේ ත්‍රිරෝද රථයකින්ම සවස 06.30ට විතර වෛද්‍ය නේවාසිකාගාරයට පැමිණියා.

ඇවිත් කාමරයට ඇතුළුවීමට දොර අරින අවස්ථාවේ මාගේ පිටුපසින් කිසිවකු සිටින බව දැනිලා මම පිටුපස්සට හැරුණා. ඒ වෙලාවේදී මගේ කාමරයට ඉස්සරහ කාමරයේ දොරට හේත්තු වී සිටි පුද්ගලයකු මගේ බෙල්ලට පිහියක් තියලා මගේ කට ඔහුගේ අතින් වහගෙන කෑ ගහන්න එපා දොර අරින්න කිව්වා. බියට පත්වූ මා දොර විවෘත කළා.”

යනුවෙන් වෛද්‍යවරිය සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටි පුහුණු විශේෂඥ වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු යුද හමුදා සෙබළා වන වී. නිලන්ත මධුරංග (34) පොලිස් වදහිංසන සහිත ප්‍රශ්න කිරීම් නිසා ඇතිවූ ගැටලු හේතුවෙන් රෝහල්ගත කරද සිටි අතර ඔහුගේ ගුද මාර්ගයේ ඇතිවූ සංකූලතා මේවනවිට පහවගොස් තිබේ.

මේ අතර, සැකකරුට නවාතැන් පහසුකම් ලබා දෙමින් රැකවරණය ලබාදීමේ හා වෛද්‍යවරියගේ දුරකථනයක් සන්තකයේ තබාගෙන සිටීමේ චෝදනාව මත සැකකරුගේ වැඩිමහල් සහෝදරිය වන ගල්කඩවල, කටුගහගරය, ඊතණ ඇළ පාරේ පදිංචි සාලිකා හර්ෂනී රත්නායක ද අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ අතර මහේස්ත්‍රාත්වරයා ඇය මාර්තු 17 ඇප ලබාදී තිබුණි.

Hot this week

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

Topics

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...

වසර 70කට පසු රුසියාවෙන් උතුරු කොරියාවට සෘජු ගුවන් ගමන්: ලෝකය මවිත කළ අලුත් සබඳතාවක්!

දශක ගණනාවකට පසු, ලෝකයේ අවධානය දිනාගත් සුවිශේෂී සිදුවීමක් පසුගියදා...

දෙහිවල තරුණයාගේ ඝාතකයා කහතුඩුවේ වෙඩි හුවමාරුවකින් මරුට

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img