Friday, March 13, 2026
20.7 C
Sri Lanka

හිටපු මහ ඇමති SM රංජිත් හා නෑනාට වසර 16 බැගින් සිර දඬුවම්

උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහතා සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ඔහුගේ නෑනා වන ශාන්ති චන්ද්‍රසේන මහත්මියට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 16ක් බැගින් සිර දඬුවම් නියම කර තිබේ. මෙම තීන්දුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් අද (02) පෙරවරුවේ ප්‍රකාශයට පත් කරන ලදී.

අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කරන ලද චෝදනා පත්‍රයට අනුව, උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේදී නීතියට පටහැනි ලෙස ඉන්ධන දීමනා වශයෙන් රුපියල් 2,080,500ක මුදලක් ලබා ගැනීම හරහා දූෂණයට සම්බන්ධ වූ බවට දෙදෙනාම වරදකරුවන් බවට පත් කර ඇත.

අධිකරණය මගින් සිර දඬුවමට අමතරව විත්තිකරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂ දෙක (රු. 200,000) බැගින් වූ දඩ මුදලක් ද නියම කර ඇති අතර, එම දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් වසර දෙකක බරපතළ සිර දඬුවම් භුක්ති විඳීමට සිදුවන බව අධිකරණය විසින් දැනුම් දී තිබේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img