Saturday, March 14, 2026
26 C
Sri Lanka

සිරි දළදා වන්දනාවට පැමිණෙන අයට ස්ටිකරයක්

‘සිරි දළදා වන්දනාව’ සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර ඇත.

අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු ලැබේ. 

මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සහ මහනුවර හා මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් අද (23) පස්වරුවේ පැවැත් වූ ඒකාබාද්ධ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව පැවසීය.

“මේ වනවිට ලක්ෂ 4කට අධික පිරිසක් මහනුවර නගරයේ සහ ඒ අවට පැමිණ සිටිනවා. ඒ අනුව දිනකට ලක්ෂයට සිරි දළදා වන්දනාවට අවස්ථාව ලබා දුන්නත්…දැනට ඉන්න පෝලිම අවසන් වෙන්න තවත් දින තුනක් ගතවෙනවා. 

ඒ නිසා කාරුණිකව ඉල්ලා සිටිනවා හෙට සහ අනිද්දා දින දෙකේ පැමිණීමෙන් වළකින ලෙසට. 

අපි අද සිට පෝලිමේ සිටින අයවලුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් නිකුත්කිරීමට කටයුතු කරනවා. අද රාත්‍රියේ සිට ඒ කටයුත්ත ආරම්භ කරනවා. 

ඒ අනුව පළවෙනියට ආපු මහජනතාවට පළමුවෙන්ම දළදා වහන්සේ වැදපුදාගෙන යන්න පුළුවන් වැඩපිළිවෙළ අදට සිට ක්‍රියාත්මක වෙනවා” ඔවුන් දෙපළ මෙම මාධ්‍ය හමුවේදී  පැවසීය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img