Friday, January 30, 2026
23.1 C
Sri Lanka

රාජ්‍ය සේවයේ පුරප්පාඩු 6447ක්.

ජනාධිපති කාර්යාලය, අමාත්‍යාංශ 27ක් සහ කොමිෂන් සභා හතරක් සඳහා අනුමත කාර්ය මණ්ඩල සීමාව තුළ පුරප්පාඩු 6447ක් පවතින බව සමස්ත රාජ්‍ය සේවයම ආවරණය වන පරිදි බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සඳහා අගමැති ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් පත් කරන ලද කමිටුව සිය අතුරු වාර්තාවෙන් පෙන්වා දෙයි.

එම සමස්ත පුරප්පාඩු අතරින් 4071ක් සම්පූර්ණ කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

රාජ්‍ය සේවයේ සියලු බඳවා ගැනීම් අත්හිටුවා ඇති නමුත්. රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්ෂමව පවත්වාගෙන යෑම සඳහා ඇතිවන බාධාකාරී තත්ත්වයන් අවම කර ගැනීම උදෙසා අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු බඳවා ගැනීම් සම්බන්ධව මෙම කමිටුව විසින් සමාලෝචනය කර ඇත.

අගමැති ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන්. රංජිත් අසෝක, එම අමාත්‍යාංශයේ ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් එස්. ආලෝක බණ්ඩාර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චාන්දනී විජේවර්ධන, භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.කේ. සෙනෙවිරත්න සහ මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හිරන්සා කළුතන්ත්‍රි මෙම කමිටුවේ සාමාජිකයෝ වෙති.

රාජ්‍ය පරිපාලන ​ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ඇමැතිවරයා ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන අදාළ කමිටුවේ අතුරු වාර්තාව කැබිනට් මණ්ඩලයට පසුගියදා ඉදිරිපත් කළේය.

අදාළ කමිටුව විසින් තාක්ෂණ අමාත්‍යාංශය, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය, ජනමාධ්‍ය අමාත්‍යාංශය, ජනාධිපති කාර්යාලය, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, වාරිමාර්ග අමාත්‍යාංශය, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය, සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය, වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය, ධීවර අමාත්‍යාංශය, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය, ජාතික පොලිස් කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, රාජ්‍ය ​සේවා කොමිෂන් සභාව සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ආදියේ පුරප්පාඩු පවතින බව එම කමිටු වාර්තාවේ සඳහන්ය.

ඒ අනුව අනුමත කාර්ය මණ්ඩල සීමාව තුළ වැඩිම පුරප්පාඩු සංඛ්‍යාවක් ඇත්තේ අධ්‍යාපන අමාත්‍යාංශය, අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සහ වාරිමාර්ග අමාත්‍යාංශයේය. එම පුරප්පාඩු සංඛ්‍යාව පිළිවෙළින් 1637, 1290 ක් සහ 1084කි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පුරප්පාඩු අතරින් 1089ක් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ පුරප්පාඩු 871ක් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ පුරප්පාඩු අතරින් 384ක් පිරවීමටද කමිටුව නිර්දේශ කර තිබේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img