Friday, January 30, 2026
22.6 C
Sri Lanka

පාසලේ ශිෂ්‍ය නායක පදවිය ගන්න සිසුවියක් – සිසුවියන් 06 දෙනෙකුට ව#ස පොවයි

නාරම්මල ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක දහවන වසරේ ඉගෙනුම ලබන සිසුවියක වල් නාශක කුඩු වර්ගයක් පානීය ජලයට කළවම් කර බීමට දීමෙන් රෝගාතුරවූ සිසුවියන් හය දෙනකු ප්‍රතිකාර සඳහා නාරම්මල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර සිටින බව නාරම්මල පොලීසිය පවසයි.

ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර සිටින සිසුවියන් අතරේ වල් නාශකය ජලයට මිශ්‍ර කළ බව කියන සිසුවියද සිටින බව පැවසේ.

පාසල් කාලයේදී මෙය සිදුව ඇත. සැකකාර සිසුවිය සඳුදා උදෑසන රැස්වීමට සහභාගි නොවී පන්ති කාමරයේ රැඳී සිට වල් නාශකය සිසුවියන් කීප දෙනෙකුගේ පානීය ජල බෝතලවලට මිශ්‍ර කර ඇති බව අනාවරණය කරගෙන තිබේ.

පාසලේ සවිකර ඇති සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුව සිද්ධියට සම්බන්ධ සිසුවිය හඳුනාගෙන තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ බවට සැක කරන සිසුවියද එම පාසලේ දහවන වසරේ ඉගෙනුම ලබන අතර ඇය තම සමීපතම මිතුරියන් පිරිසකගේ පානීය ජල බෝතලයකට වල් නාශකය මිශ්‍ර කර ඇති බව අනාවරණය වී තිබේ. වල් නාශක සහිත ජලය පානය කිරීමෙන් පසුව වමනය ඇතිවී රෝගාතුරවූ සිසුවියන් පිරිස දැක බියපත්ව ඇයද එම ජලය පානය කර ඇති බව කියයි.

එම විදුහලේ ශිෂ්‍ය නායක පදවිය සඳහා ඇතිවී තිබෙන තරඟයක් මෙම සිදුවීමට පාදකවී ඇති බව විදුහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ජලයට මිශ්‍ර කළ වල් නාශකය එතරම් ප්‍රබල නොවීම හේතුවෙන් සිසුවියන්ගේ ජීවිත වලට අනතුරක් වී නැති බව පොලීසිය පවසයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img