Friday, May 1, 2026
27.2 C
Sri Lanka

උණට ගත්ත බෙහෙතින් හොඳට හිටිය දරු#වාගේ ඇස් පෙනීම නැතිව යයි.

මාධ්‍යයට කියනවා හැරෙන්න අපට වෙන කියන්න කෙනෙක් නැහැ – දියණියගේ මව
ඖෂධ නිසා ඇස් අඳ වුණු තවත් අනුවේදනීය කතාවක්
රත්නපුර, මොරතොට, හුණුවල ප්‍රදේශයේ පදිංචි එකොළොස් හැවිරිදි නිමන්සා සත්සරණි දියණිය මේ වන විට ඇස් නොපෙනීම ඇතුළු රෝගාබාධ රැසකින් පෙළෙමින් සිටින බව ඇගේ පියා හර්ෂ දිනිත් කුමාර මහතා පවසයි. පවුලේ එකම දරුවා වන ඇය හුණුවල ධර්මරාජ විද්‍යාලයේ පහ වසරේ ඉගෙනුම ලබමින් සිටි දැරියකි.

මෙයට හේතු ලෙස ඔහු පවසන්නේ පසු ගිය අප්‍රේල් මාසයේ 6 වැනිදා තම දියණියට උණ රෝගී තත්ත්වය හටගැනීම හේතුවෙන් මොරතොට ප්‍ර දේශයේ පෞද්ගලික බෙහෙත් ශාලාවක වෛද්‍යවරයකු ලබා දුන් බෙහෙතක් විෂවීම ලෙස පෙන්වා දෙමිනි.

වැඩිදුරටත් කරුණු දැක්වූ දැරියගේ පියා,

මගේ දියණිය ඉගෙනීමට දක්ෂ දරුවෙක්. ඇය හුණුවල ධර්මරාජ විද්‍යාලයේ ශිෂ්‍යනායිකාවක් ලෙසද කටයුතු කරමින් සිටියා. ඉකුත් අප්‍රේල් 5 වැනිදා දියණියට උණ රෝගය හට ගත්තා. පසුව 6 වැනිදා උදේ මොරතෙට හන්දියේ තියෙන පෞද්ගලික බෙහෙත් ශාලාවකින් බෙහෙත් ගත්තා. එහි වෛද්‍යවරයා රජයේ රෝහලක සේවය කරන අයෙක්. එහෙත් පසු දින එනම් අප්‍රේල් 7 වැනිදා උදේ වන විට දියණියගේ සිරුර පුරා රතුපාට ලප මතුවී තිබුණා. ඇස් පියවී තිබුණා. ඇඟ මලානික වෙලා. ඒ අනුව එම වෛද්‍යවරයාටම නැවත දියණිය පෙන් වූ විට වෛද්‍යවරයා පැවසුවේ දියණියට සරම්ප රෝගය වැළදී ඇති බවයි. එයට ඔහු ඔසුසලකින් ගැනීමට බෙහෙතක් ලියාදී සතියකින් නාවන ලෙසද උපදෙස් දුන්නා. එහෙත් පසුදින එනම් අප්‍රේල් 8 වැනිදා දියණියගේ තත්ත්වය බරපතල නිසා රත්නපුර ශික්ෂණ රෝහලට රැගෙන ගියා. එහිදී වෛද්‍යවරු පැවසුවේ දියණියට බෙහෙතක් විෂ වී ඇති බවයි. ඉන්පසු වහාම ගිලන් රථයකින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කළා.

දියණියගේ මව වන අයෝමී උත්පලා මහත්මිය,

අප්‍රේල් 8 වැනිදා සිට මාසයකට අධික කාලයක් දුවට කොළඹ ළමා රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබා දුන්නා. ඇඟ පුරා ඇතිවූ තුවාල එහිදී යම් තරමකට සුව අතට හැරුණා. එහෙත් ඇස් පෙනීමක් වුණේ නැහැ. ඉන් පසුව ටිකට් කැපුවා. මේ වන විට සතියකට වරක් කොළඔ සායනයට සහභාගි වෙනවා. ඇසට දමන එක බෙහෙක් රුපියල් එකොළොස් දහසක් වෙනවා. පෞද්ගලික ඔසුසල්වලින් එය ලබා ගන්න ඕනි. අපට සිටින එකම දරුවාට තමයි මෙහෙම වුණේ. මේ නිසා අපි මානසිකවත්, ආර්ථිකවත් වැටුණු තත්ත්වයකයි ඉන්නේ. අප්‍රේල් 6 වැනිදා සිට කළ ප්‍රතිකාරවල විස්තර අප සතුව තියෙනවා. අපි ඉල්ලා සිටින්නේ පුළුවන් අයෙක් ඉන්නවා නම් මගේ එකම දරුවා සුවපත්කර දෙන්න කියලයි. එය මහඟු පුණ්‍ය කර්මයක්. මෙය මාධ්‍යට කියනවා හැරෙන්න අපට වෙන කියන්න කෙනෙක් නැහැ. පියාගේ දුරකථන අංකය – 0779601114.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img