Thursday, February 19, 2026
18.9 C
Sri Lanka

දරුවෝ 17, මුණුපුරු මිනිපිරියෝ 100යි. – අද අවසන් ගමන් යයි.

දරුවන් 17 දෙනකු මෙලොවට බිහි කළ උදාර මාතාවක් දිඹුලාගල මලියදේවපුර ප්‍රදේශයේ දී මිය ගියාය.

ඇය පොළොන්නරුව දිඹුලාගල මලියදේවපුර ලිපිනයේ පදිංචිව සිටි දියණිවරුන් හත් දෙනකු සහ පුතුන් 10 දෙනකු වැදූ හැදූ ඇය එස්. පූමනි මාතාව වූවාය.

පූමනි මාතාව දහතුන් වන වියේ දී විවාහ වී ඇති අතර ඇය බිහිකළ දරුවන් දාහත් දෙනාගෙන් තිදෙනකු මේ වන විට මියගොස් ඇත.

දිඹුලාගල පරණ මිල්ලානේ පදිංචිව සිටි ඊ.ඩී. විමලදාස මහතා සමග මීට වසර 75 කට පෙර පූමනි මහත්මිය විවාහ වී ඇති අතර 1990 වර්ෂයේ දී මියගියේය.

මෙම මාතාව දරුවන් දාහත් දෙනාම දිඹුලාගල පරණමිල්ලාන ගම්මානයේ නිවස තුළම බිහිකිරීම විශේෂත්වයක් වන අතර ඇය දීර්ඝ කාලයක් වින්නඹු මාතාවක ලෙස ද කටයුතු කළාය. එමෙන්ම ඇයට මුනුපුරු මිනිපිරියන් සිය දෙනෙකි.

ඇයගේ දරුවන් අත‍රින් කීප දෙනෙක් යුද හමුදාවේත්, දිඹුලාගල ප්‍රාදේශීය සභාවේත්, මාර්ග සංවර්ධන අධිකාරියේත් සේවය කරයි. සෙසු දරුවෝ ගොවි ගෙවිලියෝ වෙති.

පූමනි මාතාව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනසේ සඟරුවනගේ සිවුරු සෝදමින් කටයුතු කළ අතර බොහෝ විට රෝගී භික්ෂූන් වහන්සේලාට වෙදහෙදකම් ද කළාය.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන දායිකාවක් වූ පූමනි මහත්මියගේ අවසන් කටයුතු ඊයේ (16) පස්වරුවේ සිදුකෙරුණු අතර එම අවස්ථාවට දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලාත්, පොලොන්නරුව ප්‍රදේශයෙන් භික්ෂූන් වහන්සේලාත්, දෙසීය නමකට ආසන්න පිරිසක් වැඩම කර ඇයට අවසන් ගෞරව දක්වා පාංශුකූල දී පැන්වැඩීම ද විශේෂත්වයක් විය.

මෙහිදී අනුශාසනාවක් කරමින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ පාලනාධිකාරි මහනුවර විචිත්‍රලංකාර නාහිමියන් සඳහන් කළේ පූමනි මාතාව සමස්ත ලංකාවටත්, ලෝකයටත්, පූර්වාදර්ශයක් දුන් වීර මාතාවක් බවත්, පොලොන්නරුවේ මෙන්ම දිඹුලාගල ඉතිහාසයේ වැඩිම දරුවන් පිරිසක් නිවස තුළ බිහි කළ පූමනි මාතාව පූජනීයත්වයට සහ ඉතිහාසගත වන මාතාවක් බවයි.

ඈත අතීතයේ කිසිදු පහසුකමක් නොමැති යුගයක මෙතරම් දරු පිරිසක් හදා වඩා අධ්‍යාපනය ලබා දී රටට යහපත් පුරවැසියන් පිරිසක් බවට පත් කිරීම වර්තමානයේ මවුවරුන්ට ලබාදෙන ආදර්ශයක් බව ද උන්වහන්සේ සිය අනුශාසනාවේ දී සඳහන් කළහ.

පූමනි මාතාවගේ දරු පවුලේ අටවැනියා වන හතළිස්පස් හැවිරිදි ඊ. ප්‍රියන්ති මහත්මිය පැවසුවේ තම මව දරු, දැරියන් දහහත් දෙනකු නිවස තුළ බිහි කරමින් විශාල කටුක ජීවිතයක් ගත කරමින් පළාතේ ගම් රැසකට අතීතයේ දිගු කලක් වින්නඹු මාතාවක ලෙස ද කටයුතු කර ඇති බවයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img