Friday, December 5, 2025
21 C
Sri Lanka

සිමෙන්තිවලින් රුපියල් 700ක ලාභයක් ලබන බව අනාවරණය වෙයි.

පාන්පිටි කිලෝවක විකුණුම් මිල රුපියල් 198ක් බව දන්වා පාරිභෝගිකයා දැනුම්වත් කරමින් නිවේදනය නිකුත් කරන ලෙසට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

මුදල් අමාත්‍යාංශයේ ගණනය කිරීම් අනුව පාන්පිටි කිලෝවක මිල රුපියල් 198කි.

එබැවින් පාන්පිටි සම්බන්ධ මෙරට ප්‍රධාන සමාගම් ද්විත්වයට අතිරේක ලාභයක් ලැබිය නොහැකිවන පරිදි පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහා, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් මේ බව දන්වා ඇත.

රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වෙනුවට තාවකාලිකව පත්වූ සභාපතිවරයා වන පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මේ පිළිබදව සාකච්ඡා කෙරිණි.

2023.06.14 ප්‍රකාශයට පත්කරන ලද ගැසට් පත්‍රය, මෙරටට පාන්පිටි ආනයනය කරන සමාගම් තොග වැඩිපුර රඳවා අතිරේක ලාභයක් ලැබීම වැළැක්වීම අරමුණු කරගනිමින් නිකුත් කළ බව මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පැවසු බව කමිටු සභාපතිවරයා පැවසීය.

එහෙත් මෙම තත්ත්වය තුළින් මෙරට පාන්පිටි සම්බන්ධයෙන් සියයට අසූවක වෙළෙඳපොළ අධිකාරීත්වය හිමි ප්‍රධාන සමාගම් ද්විත්වයට තිරිගු ධාන්‍ය ලෙස ගෙන්වීමට අවස්ථාව හිමිවූ බැවින් අතිරේක ලාභයක් ඉපයීමට හැකියාව ලැබී ඇත්දැයි සොයාබැලිය යුතු බව කමිටුව විසින් පෙන්වා දෙන ලදි.

මේ අනුව 2023.06.14 දින ප්‍රකාශයට පත්කරන ලද ගැසට්පත්‍රය මගින් අපේක්ෂිත අරමුණු කෙ‍තරම් දුරට ඉෂ්ට වී ඇති ද යන්න තහවුරු කිරීම සඳහා පැවති පාන්පිටි තොග සහ වත්මන් තොග පිළිබඳ නිවැරදි දත්ත ලබාදෙන ලෙස මෙහිදී උපදෙස්දී තිබේ.

මේ අනුව මෙහිදී යම් අක්‍රමිකතාවයක් සිදුවී ඇත්දැයි සොයාබැලීම සඳහා අවකාශය ලැබෙනු ඇති බවද කමිටු සභාපතිවරයා පැවසීය.

මේ අතර සිමෙන්ති අමුද්‍රව්‍ය ආනයනයේදී අය කරන සෙස් බද්ද සිමෙන්ති අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට රුපියල් 02කින් වැඩිකිරීමට අදාළ මෙම නියෝග පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේ ‍සිමෙන්ති අමුද්‍රව්‍යවල සෙස් බද්ද වැඩිකිරීම හරහා ඉදිකිරීම් ක්ෂේත්‍රයට විශාල බලපෑමක් එල්ලවිය හැකි බවය.

තවද වරායට ගොඩබාන සිමෙන්ති මිල සහ විකුණුම් මිල අතර සියලු බදු අඩුකළ විට රුපියල් 700කට ආසන්න ලාභයක් ඇති බවද කමිටුව පෙන්වා දුන්නේය.

සිමෙන්ති හා යකඩ ගොඩබාන මිල සහ අදාළ සියලු බදු අඩු කළ විට විකුණුම් මිල අතර විශාල පරතරයක් තබා ගනිමින් අයථා ලාභයක් ලබන බව පෙනීයන බැවින් ඒ පිළිබදව වාර්තාවක් ලබාදෙන ලෙස මුදල් අමාත්‍යාංශයේ සහ නාගරික සංවර්ධන හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ නිලධාරීන්ට කමිටු සභාපතිවරයා නියෝග කළේය.

තවද නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරන ලද නිවාස ව්‍යාපෘතිවලින් අඩු ආදායම්ලාභී නිවාස, මධ්‍යම පාන්තික නිවාස ඇතුළු නිවාස ගණනාවක වැඩ නැවතී ඇති බව හෙළිවූ අතර ඒ පිළිබඳව මෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයට සිදුවී ඇති බලපෑම පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙසද දැනුම් දුන්නේය.

මීට පෙර ලක්ෂ 12ක පමණ වියදමකින් ඉදිකළ නිවසක් ඉදිකිරීම සඳහා අවම වශයෙන් රුපියල් ලක්ෂ 24ක් පමණ වියදමක් යන බවද නිලධාරීන් මෙහිදී පෙන්වා දුනි.

රජයේ ආදායම වැඩි කරගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය මගින් සිදුකරන වැඩිකිරීම් මගින් සිදුවන සමාජ බලපෑම පිළිබඳ නිසි ඇගයීමක් සිදු නොකිරීම විශාල ගැටලුවක් බවද කමිටුව විසින් අවධාරණය කරන ලදි.

එසේම සිමෙන්ති මිල නියාමනය සඳහා අදාළ අංශ මැදිහත්විය යුතු බව කමිටුව ‍විසින් පෙන්වා දෙන ලදි.

2021 අංක 11 දරන වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2343/60 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝග සහ 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ 2339/08 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝග සලකාබැලීම ද සිදුවිය.

ආයෝජන ගෙන්වා ගැනීම සඳහා සහනදායි පියවර අනුගමනය කිරීම ඇතුළු කරුණු පිළිබඳව වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ සහ ආ‍යෝජන මණ්ඩලයේ නිලධාරීන් මෙහිදී කරුණු පැහැදිලි කර තිබේ.

මේ අනුව උක්ත දක්වා ඇති නිර්දේශවලට යටත්ව මෙම ගැසට් පත්‍ර හතර සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය.

Hot this week

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

Topics

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...

වසර 70කට පසු රුසියාවෙන් උතුරු කොරියාවට සෘජු ගුවන් ගමන්: ලෝකය මවිත කළ අලුත් සබඳතාවක්!

දශක ගණනාවකට පසු, ලෝකයේ අවධානය දිනාගත් සුවිශේෂී සිදුවීමක් පසුගියදා...

දෙහිවල තරුණයාගේ ඝාතකයා කහතුඩුවේ වෙඩි හුවමාරුවකින් මරුට

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img