Friday, May 1, 2026
27.2 C
Sri Lanka

මස් කන්නේ බලාගෙනයි,ක්ෂණිකව මැරෙන්න පුළුවන් – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියයි.

වියළි කාලගුණ තත්ත්වයත් සමඟ සත්ත්ව මාංශ අනුභවයේ දී දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ, වියළි කාලගුණ තත්ත්වයත් සමඟ ඇතැම් පිරිස් වසවිස මිශ්‍රකර සතුන් දඩයම් කිරීමට පෙළඹී ඇති බවයි.

එවැනි මාංශ ආහාරයට ගැනීම ජීවිත අවදානමකට ලක්කර ගැනීමක් බව උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා,

“මේ වියළි කාලගුණ තත්ත්වයක් එක්කම විශේෂයෙන් විල්පත්තුව, යාල, උඩවලව වැනි සංරක්ෂිත අභය භූමි සහ වනාන්තර ආශ්‍රිතව වනසතුන්ට පානය කිරීමට ජලය ඉතාම හිඟයි. ඉතා කුඩා ස්ථානවල තමයි ජලය රැඳිලා තියෙන්නේ. මේ ස්ථානවලට වසවිස මිශ්‍රකරලා සහා ගිනිතැබීම් කරලා මේ වනසතුන් ඝාතනය කරන බවට අපිට තොරතුරු ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම මේ ඝාතනය කරන වනසතුන් මස්, දඩ මස් ලෙස සංචාරකයින්ට සහ අසල්වාසි ප්‍රදේශවල, විශේෂයෙන් මාතර හම්බන්තොට, පුත්තලම, අනුරාධපුරය, මඩකලපුව සහ පොළොන්නරුව වගේ ප්‍රදේශවල යන සංචාරකයින්ට දඩ මස් ලෙස අලෙවි කරනවා. විශේෂයෙන්ම මෙවැනි වසවිස යොදා ඝාතනය කරන සතුන්ගේ මස් අනුභව කිරීමෙන් ක්ෂණිකව මරණය ඇතිවෙන් පුළුවන්. ඒ වගේම යම් ශාරීරික ආබාධ ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම දිර්ඝ කාලීන ආබාධ ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා ඔබ නොදන්නා ප්‍රදේශ්වලට ගිහිල්ලා දඩ මස් ආහාරට ගැනීමෙන් වළකින්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img