Sunday, September 22, 2024
22.2 C
Sri Lanka

උමාරා ජාතික ගීය ගායනා කල අයුරු ව්‍යවස්ථා වීරෝධි බව කමිටුව තීන්දු කරයි.

ලංකා ප‍්‍රිමියර් ලීග් තරඟාවලිය ආරම්භක උත්සවයේදී ජාතික ගීය ගායනා කිරීමේදී ඊට අපහාස කරමින් ගායනා කළේ යයි චෝදනා එල්ල වන ගායන ශිල්පිනි උමාරා සිංහවංශ විසින් ජාතික ගීය ගායනා කර ඇත්තේ වැරදි ආකාරයෙන් බව අදාළ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කරන ලද කමිටුව විසින් තීරණය කර තිබේ.

ඒ අනුව ‍ව්‍යස්ථාව විරෝධී ආකාරයෙන් ජාතික ගීය ගායනා කිරීම පිළිබඳව නීතිපති උපදෙස් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස එම කණ්ඩායම සිය වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් පත්කරන ලද කමිටුව විසින් මෙම නිර්දේශ ලබා දී ඇත.

මෙම කමිටුව විසින් උමාරා සිංහවංශ ගෙන් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ද අදාළ සිදුවීම පිළිබඳව ප්‍රකාශ සටහන් කර ගනු ලැබීය.

ව්‍යවස්ථාව අනුව ජාතික ගීය පද මාලාව මධ්‍ය ස්වරයෙන් ගායනා කළ යුතු වුවත් ඇය එය උච්ච ස්වරයෙන් ගායනා කරන ලද බව විමර්ශකයන් තහවුරු කරගෙන තිබේ.

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img