Saturday, May 2, 2026
29.5 C
Sri Lanka

දවසකට හාට් ඇටෑක් 166 – 170ක් වගේ දෙනෙකුට හැදෙනවා. හේතුව මෙන්න.

මෙරට දෛනිකව වාර්තාවන හෘද රෝගීන් සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ දෛනිකව හෘද රෝගීන් 170ක් පමණ මේ වන විට වාර්තා වන බවය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

“ලංකාවේ හෘද රෝග හැදෙන ප්‍රමාණය පහුගිය අවුරුදු 10 ඇතුළත සීඝ්‍ර වැඩිවීමක් තියෙනවා. දවසකට හාට් ඇටෑක් 166 – 170ක් වගේ දෙනෙකුට හැදෙනවා. ඒක තමයි දැනට තියෙන දත්ත අනුව අපිට පෙන්නුම් කරන්නේ. මේ එන ගාන ඇත්තෙන්ම පහුගිය අවුරුදු කිහිපය ඇතුළත එන්න එන්නම වැඩිවීමක් පෙන්නුම් කරනවා. ඒ වැඩිවීම බොහෝ විට අපිට දකින්නට ලැබෙනවා. එදිනෙදා රෝගීන් පරීක්ෂා කරන කොට. ඒ වගේම අපි ළඟ දත්ත තියෙනවා බස්නාහිර පළාතේ හාට් ඇටෑක් සංඛ්‍යාව. ඒ දත්ත දිහා බලද්දි අපිට පේනවා පහුගිය අවුරුදු කිහිපය තුළ හෘද රෝග වැඩිවීමේ ප්‍රවණතාවය.”

හෘද රෝගීන් ඉහළ යාමට ප්‍රධානතම හේතුව ආහාර රටාවේ පවතින අඩුපාඩු බව විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා සඳහන් කළේය.

“හාට් ඇටෑක් වැඩිවෙලා තියෙන්නේ, අපේ ජීවන රටාව නිසා. අපේ ජීවන රටාවේ වෙනස් වීම නිසා. විශේෂයෙන්ම අපි භාවිත කරන ආහාර. ආහාරවල ලොකු වෙනසක් තියෙනවා. ඒවා පහුගිය අවුරුදු කිහිපය ඇතුළත සීඝ්‍ර වෙනස්වීමක් තියෙනවා. අපි කන බොන විදිය, අපේ ජීවන රටාව විශාල වෙනසක් වෙලා තියෙනවා. ඒ වෙනස තමා ඇත්තෙන්ම ස්ථීර වශයෙන්ම මම කියනවා මේ හාට් ඇටෑක් ලංකාව ඇතුළේ වැඩිවීමට හේතුව. විශේෂයෙන්ම ගත්තොත් අපි කන ආහාරවල අඩංගු සීනි ප්‍රමාණය‍ ඉතාම වැඩියි. එක පුද්ගලයෙක් ලංකාවේ කිලෝ 30ක් පමණ වසරකට සීනි භාවිත කරනවා. අනිත් එක තමා අපි වැඩියෙන්ම ආහාරවලට තෙල් පාවිච්චි කරනවා. අපි කන ආහාරවල වැඩියෙන්ම තියෙන්නේ කාබෝහයිඩ්‍රේට්. ඒ කියන්නේ ආහාර රටාව තමා ප්‍රධාන වශයෙන් බලපාන්නේ.”

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img