Sunday, September 22, 2024
22.2 C
Sri Lanka

දවසකට හාට් ඇටෑක් 166 – 170ක් වගේ දෙනෙකුට හැදෙනවා. හේතුව මෙන්න.

මෙරට දෛනිකව වාර්තාවන හෘද රෝගීන් සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ දෛනිකව හෘද රෝගීන් 170ක් පමණ මේ වන විට වාර්තා වන බවය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

“ලංකාවේ හෘද රෝග හැදෙන ප්‍රමාණය පහුගිය අවුරුදු 10 ඇතුළත සීඝ්‍ර වැඩිවීමක් තියෙනවා. දවසකට හාට් ඇටෑක් 166 – 170ක් වගේ දෙනෙකුට හැදෙනවා. ඒක තමයි දැනට තියෙන දත්ත අනුව අපිට පෙන්නුම් කරන්නේ. මේ එන ගාන ඇත්තෙන්ම පහුගිය අවුරුදු කිහිපය ඇතුළත එන්න එන්නම වැඩිවීමක් පෙන්නුම් කරනවා. ඒ වැඩිවීම බොහෝ විට අපිට දකින්නට ලැබෙනවා. එදිනෙදා රෝගීන් පරීක්ෂා කරන කොට. ඒ වගේම අපි ළඟ දත්ත තියෙනවා බස්නාහිර පළාතේ හාට් ඇටෑක් සංඛ්‍යාව. ඒ දත්ත දිහා බලද්දි අපිට පේනවා පහුගිය අවුරුදු කිහිපය තුළ හෘද රෝග වැඩිවීමේ ප්‍රවණතාවය.”

හෘද රෝගීන් ඉහළ යාමට ප්‍රධානතම හේතුව ආහාර රටාවේ පවතින අඩුපාඩු බව විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා සඳහන් කළේය.

“හාට් ඇටෑක් වැඩිවෙලා තියෙන්නේ, අපේ ජීවන රටාව නිසා. අපේ ජීවන රටාවේ වෙනස් වීම නිසා. විශේෂයෙන්ම අපි භාවිත කරන ආහාර. ආහාරවල ලොකු වෙනසක් තියෙනවා. ඒවා පහුගිය අවුරුදු කිහිපය ඇතුළත සීඝ්‍ර වෙනස්වීමක් තියෙනවා. අපි කන බොන විදිය, අපේ ජීවන රටාව විශාල වෙනසක් වෙලා තියෙනවා. ඒ වෙනස තමා ඇත්තෙන්ම ස්ථීර වශයෙන්ම මම කියනවා මේ හාට් ඇටෑක් ලංකාව ඇතුළේ වැඩිවීමට හේතුව. විශේෂයෙන්ම ගත්තොත් අපි කන ආහාරවල අඩංගු සීනි ප්‍රමාණය‍ ඉතාම වැඩියි. එක පුද්ගලයෙක් ලංකාවේ කිලෝ 30ක් පමණ වසරකට සීනි භාවිත කරනවා. අනිත් එක තමා අපි වැඩියෙන්ම ආහාරවලට තෙල් පාවිච්චි කරනවා. අපි කන ආහාරවල වැඩියෙන්ම තියෙන්නේ කාබෝහයිඩ්‍රේට්. ඒ කියන්නේ ආහාර රටාව තමා ප්‍රධාන වශයෙන් බලපාන්නේ.”

Hot this week

ඉදිරි දින දෙක-තුනේදී ප්‍රබල දේශපාලන පරිවර්තනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දිනක බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවැති...

ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ස්වාධීන...

IMF ආධාර වල බලපෑම: බංග්ලාදේශයේ ඩොලර් බිලියන 4 IMF ගිවිසුම

මෑත කාලයේදී, ශ්‍රී ලංකාව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා....

ඉන්දියාවේ නායයෑමකින් පුද්ගලයන් 41 ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ කඳුකරයේ නායයෑම් හේතුවෙන් අවම වශයෙන්...

Topics

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 11 ක් පමණයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ...

රනිල් වික්‍රමසිංහ තනිවෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කරයි.

සැප්තැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීමට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img