Saturday, May 2, 2026
29.5 C
Sri Lanka

විදුලිය විසන්ධි කරන්න ගිය සේවකයෙකුට බලු කූඩුවේ ලෑල්ලකින් ප#හර දෙයි.

ඊයේ (21) තලාව ජයගග ප්‍රදේශයේ නිවසක විදුලිය විසන්ධි කිරිමට ගිය සේවකයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට ගෙහිමියා විසින් බලු කූඩුවේ තිබූ පිට ලෑල්ලකින් පහරදීමක් සම්බන්ධයෙන් තලාව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

මෙදින, කැකිරාව විදුලි අධිකාරී බලප්‍රදේශයට අයත් තලාව ජයගග ප්‍රදේශයේ නිවසක විදුලිය විසන්ධි කිරීම සදහා කටයුතු කරන පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමක සේවකයින් දෙදෙනෙක් මෙම නිවසේ විදුලිය විසන්ධි කිරීම සදහා අද දහවල් කාලයේ පැමිණ ඇත.

පසුව නිවසට පැමිණි මොවුන් නිවසේ විදුලිය විසන්ධි කිරීමට අවශ්‍ය බව පවසා ඇත.

අනතුරුව මෙම නිවසේ මව සහ පුතා විසින් මෙම නිවසේ විදුලිය විසන්ධි නොකරන ලෙසත් අද දිනයේම හිග විදුල බිල ගෙවා දමන බවටත් දැනුම් දී තිබෙනවා.

එනමුත් විදුලිය විසන්ධි කිරීමට ආ පුද්ගලයින් පවසා ඇත්තේ, ඔවුන්ට ඉහලින් ඇවිත් තිබෙන් නියෝග නිසා විදුලිය ව්සන්ධි කිරීම අනිවාර්යෙන්ම කල යුතු බව‍යි.

ඒ අනුව ඔවුන් නිවසේ විදුලිය විසන්ධි කිරීමට උත්සහ දැරීමේදී තමන්ගේ කීම නොඇසීම සම්බන්ධයෙන් උරන වූ නිවසේ පුද්ගලයෙකු විසින් අසල තිබූ බලු කූඩුවේ වහලය උඩ තිබූ ලෑල්ලකින් ව්දුලිය විසන්ධි කිරීමට උත්සහ දැරූ පුද්ගලයාට පහර දී තිබෙනවා.

මෙම පහර දීමේදී ලෑල්ල කැඩී යාම නිසා මොහු තවත් මොහුට පහරදීම සදහා නිවසේ, තිබූ සවලක් රැගෙන් ඒම නිසා මොවුන් එම ස්ථානයෙන් පිටත්ව ගොස් තලාව පොලිසිය වෙත පැමිනිල්ලක් යොමු කිරීමටත් පහර කෑමට ලක් වූ පුද්ගලයා තලාව රෝහට ප්‍රතිකාර ගැනීම සදහා ඇතුලත් වීමටත් කටයුතු කර ඇත.

පසුව මෙම පුද්ගලයින් ගෙහිමි කාන්තාවටද පහර දුන් බව පවසමින් ගෙහිමි කාන්තාවද තලාව රෝහලේ ප්‍රතිකාර ගැනීම සදහා ඇතුලත්ව ඇත.

පහරීම සිදුකල පුද්ගලයා මේවන විට තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරනවා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img