Sunday, May 3, 2026
21.9 C
Sri Lanka

බේරේ වැව සුවඳ කරන්න සමාගමකට දෙයි.

කොළඹ බේරේ වැවේ ජලය පිරිසිදු කර එහි දුඟද නැති කිරීමටත් නඩත්තු කටයුතු දිගටම සිදු කිරීම සඳහාත් පෞද්ගලික අංශයට පැවරීමට රජය තීරණය කර තිබේ.

එම කටයුතු Groepo Pte. Ltd සමාගම වෙත සහ එහි දේශීය සමාගම වන Groepo Lanka Bioscience (Pvt) Ltd. වෙත පැවරීමට මෙලෙස තීරණය කර ඇත.

මෙම යෝජනාවට අනුව බේරේ වැවේ දුගද නැති කොට එය පිරිසුදු කිරීමටත් බේරේවැව සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමටත් නියමිත ය.

මෙම ව්‍යාපෘතිය භාරව කටයුතු කරන අදාළ සමාගම අධිතාක්ෂණ උපකරණ හා විද්‍යාත්මක ක්‍රම භාවිතා කරමින් බේරේ වැව පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරයි.

අදාල  යෝජනාව සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ද ලැබී ඇති අතර මෙම ව්‍යාපෘතියට සමගාමීව බේරේ වැවට මලාපවහන අපජලය සහ අපද්‍රව්‍ය බැහැර කරන මාර්ග හඳුනාගෙන ඒ සඳහා විකල්ප ක්‍රමවේද හඳුන්වා දීමට ද කටයුතු කරන ලෙස කැබිනට් මණ්ඩලය ඊට අදාළ රාජ්‍ය ආයතනවලට දැනුම් දී ඇත.

මෙහි මෙහෙයුම් කටයුතු  සඳහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය,නාගරික සංවර්ධන අධිකාරිය ,මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා දේශගුණික අරමුදල (පුද්ගලික) සමාගම සහ කොළඹ මහ නගර සභාව නියෝජනය කරමින් අධීක්ෂණ කමිටුවක් ද නම් කර ඇත.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img