Monday, May 4, 2026
22.6 C
Sri Lanka

ළමයි මහ මග දාන්න එපා..! අපිට දෙන්න, ඇමති ගීතා කියයි.

මව්වරු බිළිඳුන් මහමඟ දමා යනවා. එහෙම නොමැති නම් ඝාතනය කරනවා. එහෙම කරන්න එපා. බිළිඳුන් අපට දෙන්න යැයි ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය ඉල්ලා සිටියි . ඇය මෙම ඉල්ලීම කළේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය හමුවේදීය. රටේ පවතින ආර්ථික තත්ත්වය මත ළමයින් රැක බලා ගැනීමේ මධ්‍යස්ථානයක් අලුතින් නිර්මාණය කිරීම අසීරු කටයුත්තක්. නමුත් රජයේ රෝහල්වල වෙනම ම ස්ථාන සකස් කර ළමුන් රැක බලා ගැනීමේ ක්‍රමවේදයක් පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කිරීමට කටයුතු කරනවා.මේ රටේ කාන්තා හිංසනය මෙන්ම ළමා අපචාර ප්‍රතිශතය යම් මට්ටමකට ඉහළ ගොස් තිබෙනවා. ළමා අපචාර සම්බන්ධයෙන් පාසල් මට්ටමින් ළමුන් දැනුම්වත් කිරීමට යෝජනා කර තිබෙනවා. පාසල් දැරියකට හෝ දරුවෙකුට ලිංගික අතවරයක් සිදු වූ විට අම්මාට හෝ තාත්තාට කීමට පැකිළෙනවා. ඇතැම් විට ඒ බව හොඳම යෙහෙළියට හෝ යහළුවාට කියන්න ඉඩ තිබෙනවා.

ඒ නිසා පාසල් ළමුන් මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය ගැන උපදේශන වැඩසටහන් පැවැත්විය යුතුයැයි ද රාජ්‍ය අමාත්‍යවරිය වැඩි දුරටත් සඳහන් කළාය.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img