Monday, May 4, 2026
22.6 C
Sri Lanka

වියළි කාලගුණය හමුවේ විදුලිය නිෂ්පාදනය ගැන අනාවැකියක්.

පවතින වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතියහොත් ජල විදුලිය නිෂ්පාදනය කළ හැකි වන්නේ, තවත් සති 04ක කාලයකට බව ලංකා විදුලි බල මණ්ඩලය අවධාරණය කරයි.

පවතින වියළි කාලගුණය හමුවේ ජල විදුලිය නිෂ්පාදනය සියයට 15 දක්වා පහත වැටී ඇති බව ද වාර්තා වේ.

තාප විදුලි නිෂ්පාදනය හේතුවෙන් කප්පාදුවකින් තොරව මේ වන විට විදුලි බලය ලබා දීමට හැකියාව පවතින බව ද එම මණ්ඩලය සඳහන් කර‍යි.

සමනල වැව ජලාශයේ ජල ධාරිතාව සියයට 01ක් දක්වාත් කාසල්රී ජලාශයේ ජල ධාරිතාව සියයට 21ක් දක්වාත් මාවුස්සාකැළේ ජලාශයේ ජල ධාරිතාව සියයට 35 දක්වාත් වික්ටෝරියා ජලාශයේ ජල ධාරිතාව සියයට 25 දක්වාත් මේ වන විට පහත වැටී තිබේ.

ඒ අනුව ජල විදුලිය නිෂ්පාදනය කළ හැකි වන්නේ, ගිගාවොට් පැය 300ක් පමණක් බව සඳහන්ය.

මේ අතර, තාප බලාගාරවලින් සියයට 65ක ධාරිතාවක් දක්වා විදුලි නිෂ්පාදනය ඉහළ නංවා තිබේ.

එසේම සෝලා භාවිතයෙන් සහ සුළං බලයෙන් සියයට 11ක පමණ විදුලි නිෂ්පාදන ධාරිතාවක් ජාතික පද්ධතියට එක්කර ඇත.

මේ අතර, පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති පුද්ගලයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ඒ අනුව පවුල් 84,664කට අයත් පුද්ගලයන් 291,720 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කර තිබේ.

වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් උතුරු පළාතට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, එහි පවුල් 23,688කට අයත් පුද්ගලයන් 75,607 දෙනෙකු පිඩාවට පත්ව සිටියි.

නැගෙනහිර පළාතේ පවුල් 18,981කට අයත් පුද්ගලයන් 63,265 දෙනෙකු පීඩාවට පත්ව සිටින අතර, සබරගමුව පළාතේ පවුල් 13,705කට අයත් පුද්ගලයන් 55,096 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත.

වයඹ පළාත තුළ ද පවුල් 7,143කට අයත් පුද්ගලයන් 23,534 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව සඳහන්ය.

මේ අතර, වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ගොවිබිම් හානියට ලක්ව ඇති අතර, අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, ගොවීන්ට ලබා දෙන වන්දි මුදල ඉහළ නැංවීම සඳහා තමා අමාත්‍ය මණ්ඩලයට යොජනාවක් ඉදිරිපත් කරන බවයි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img