Thursday, April 30, 2026
23 C
Sri Lanka

තම ලාබාල අ#නියම් පුරුෂයා නිවසේ රඳවාගෙන ඔහු සමඟ විවාහ වන්නැයි මව දියණියට බල කරයි.

මදක් නගරයෙන් බැහැර ප්‍රදේශයක මවත් තම වැඩිමහල් දියණිය විවාහ කරදෙන බවට පොරොන්දුවී සිය නිවසේ රඳවාගත් අවුරුදු 26ක පමණ තරුණයෙකු තම අනියම් පුරුෂයා ලෙස තබා ගැනීම නිසා සිදු වූ අවුලක් විසඳා ගැනීමට පොලිසියේ පිහිට පැතීමට එම මවගේ තරුණ දියණියට සිදුවුණා.

අදාළ කාන්තාව වයස අවුරුදු 46ක පමණ පසු වන තැනැත්තියක්.

මැයට දූවරුන් දෙදෙනෙක් සිටිනවා. ඔවුන් වයස අවුරුදු 25 සහ 19 අතර පසු වෙනවා.

මෙම කාන්තාව තම දියණියක් විවාහ දෙන බවට පොරොන්දු වී නිවසේ ගොවිතැන් කටයුතුද කරවා ගනිමින් තරුණයෙකු නතර කර ගත්තා.

කාලය ගත වෙද්දී මොහු සමඟ අනියම් ඇසුරක් පවත්වන්නට ඇය පටන් ගත්තා.

මැයගේ සැමියා බොහෝ විට ගොවිපොළේ පැලේ කාලය ගත කළේ වන සතුන්ගෙන් වගාව රැක ගැනීමට වන අතර මෙම තරුණයා ඔහු සමඟද කිට්ටු ඇසුරක් පවත්වා ගත්තේ හේනේ පැලට කෑම, තේ ආදියද රැගෙන යමිනි.

තරුණයාව කාන්තාව එම කටයුතු සඳහාද පොළඹවා ගන්නට සමත් වූ අතර මොවුන්ගේ අනියම් ඇසුර දැනගත් දියණියන් දෙදෙනාගෙන් බාල දියණිය මීට මාස කීපයකට පෙර වෙනත් තරුණයෙක් සමඟ නිවසින් පැන ගියා.

දැනට නිවසේ ඉතිරිව සිටින තරුණියට අදාළ තරුණයා සමග එක්වන්නට මව බල කළා. එයට අකමැති වූ දියණිය බේරුමක් නැති නිසා පොලිසියට පැමිණිල්ලක් කළා.

මෙය දැනගත් මව පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට බල කළ අතර පසුව කෙසේ හෝ මෙම කාන්තාවත් ඇගේ සැමියාත් පොලිසියට කැඳවා විභාග කිරීමේදී සිද්ධිය මනාව තේරුම් ගත් කාන්තා හා ළමා කාර්යාංශය මවට තදින් අවවාද කරමින් වහාම අනියම් පුරුෂයා නිවසින් පිටත් කර හැරීමට නියම කෙරුණා.

මෙවැනි නොමනා ක්‍රියාවන් නිසා මිනිස් ඝාතන පවා සිදුවන බව පෙන්වා දෙමින් අම්මාවරුන්ට නින්දා නොකරන ලෙස අදාළ කාන්තාවට තදින් අවවාද කළ අතර වසර 08 ක් වැඩ කරමින් දියණිය විවාහ කර ගැනීමට බාලාපොරොත්තුවෙන් සිටි තරුණයාගේ බලාපොරොත්තු සුන්වී ගියේ තරුණ දියණිය මෙම විවාහයට අකමැති වූ නිසායි.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img