Tuesday, February 3, 2026
20.3 C
Sri Lanka

විදුලිය විසන්ධි කිරීමට ආ ලංවිම සේවකයාට පහර දෙයි.

විදුලිය විසන්ධි කිරීම සඳහා ගිය විදුලි බල මණ්ඩලයේ සේවකයෙකුට පහර දුන් බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණයක් ආරම්භ කර ඇති බව නොරචෝලේ පොලීසිය පවසනවා.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ ලංකා විදුලි බල මණ්ඩලයේ පුත්තලම ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයට අනියුක්තව කොන්ත්‍රාත් පදනම මත සේවය කරන සේවකයෙක්.

ඊයේ (18) දහවල් මෙම පහරදීම සිදුව ඇති අතර, පහර කෑමට ලක් වූ සේවකයා ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම සේවකයා සහ තවත් සේවකයෙකු විදුලි බිල නිසි පරිදි නොගෙවා ඇති නොරචෝලේ – සේතාපොල ප්‍රදේශයේ නිවසක විදුලිය සම්බන්ධතාවය විසන්ධි කිරීම සදහා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඔවුන් නිවසේ විදුලිය සම්බන්ධතාවය විසන්ධි කර ආපසු යාමට සූදානම් වන අවස්ථාවේ දී නිවස හිමි කාන්තාවගේ පුත්‍රයා බව කියන අයෙකු විසින් පහරදීම සිදුකර පළා ගොස් තිබෙනවා.

පහර කෑමට ලක් වූ විදුලි සේවකයා පොලිස් ස්ථානයට කැදවා ගෙන විත් ප්‍රකාශ ලබාගැනීමෙන් පසු, ප්‍රතිකාර සඳහා රෝහල වෙත පිටත් කර යවා ඇති බවයි වාර්තා වන්නේ.

පහර කෑමෙන් සේවකයාගේ පාදවලට තුවාල සිදුව ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශණ කටයුතු සිදුකරනු ලබනවා.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img