Tuesday, February 3, 2026
20.3 C
Sri Lanka

නොකියා රට ගිය හෙදියට දිගටම පඩි දෙයි.

හතරලියද්ද ග්‍රාමීය රෝහලේ රාජකාරි කළ හෙද නිලධාරිනියක රාජකාරි නිවාඩු හෝ කිසිදු දැනුම් දීමකින් තොරව විදේශ ගතවීමෙන් පසුත් මාස තුනක කාලයක් ඇයගේ මාසික වැටුප් ගිණුම් ගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ .

මෙම හෙද නිලධාරිනිය තෙල්දෙණිය රෝහලේ සිට අනුයුක්තියක් යටතේ හතරලියද්ද ග්‍රාමීය රෝහලට මාරුකර යවා ඇති අතර ඇය එහි සේවය කරන අතරතුර රැකියාවක් සඳහා සිංගප්පූරුවට ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ .

ඇය එසේ ඉකුත් මාර්තු මාසයේදී සේවය අතහැර විදේශගත වී ඇති අතර ඇය එසේ විදේශගත වන බවට රෝහල් පරිපාලනයට හෝ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය ට කිසිදු දැනුම්දීමක් සිදු කොට නොමැති බවද වාර්තා වේ .

ඇය විදේශ ගතවීමෙන් පසුත් මාස තුනක කාලයක් එම හෙද නිලධාරිනියට ලක්ෂ දෙකහමාරකට ආසන්න මුදලක් වැටුප් වශයෙන් ගිණුම් ගත වීම සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල මහතාගේ මූලිකත්වයෙන් විමර්ශන ආරම්භ වී තිබේ

මේ වන විටත් ඒ සම්බන්ධයෙන් හතරලියද්ද රෝහල් කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකුගෙන් සහ මධ්‍යම පළාත් සභාවට අයත් රෝහල්වල වැටුප් ගෙවීම් කටයුතුවලට අදාල ලේඛන භාරව සිටින නිලධාරීන් පිරිසකගෙන් ප්‍රකාශ ලබා ගෙන තිබේ .

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img