Friday, May 8, 2026
22.6 C
Sri Lanka

රෝහලකින් ඇසෙන තවත් අදෝනාවක්..!

කිළිනොච්චිය රෝහල තුළ සිදු කරණ ලද සැත්කමකින් පසුව කුස තුළ සිටි දරුවා මියයාමත් සමගම කිළිනොච්චිය රෝහලේ ශල්‍යාගාරයේ සිටි වෛද්‍යවරු කිසිදු අවසරයකින් තොරව තම බිරිදගේ ගර්භාෂය ඉවත් කොට ඇති බවට ඇගේ සැමියා කිළිනොච්චිය ධර්මපුරම් පොලීසියට 27 දා පැමිණිලි කොට තිබෙනවා.

රාජතුරෙයි සුරේස් නැමති අය ධර්මපුරම් පොලීසියට කරණ ලද පැමිණිල්ලේ සදහන් කොට ඇත්තේ දරු ප්‍රසූතියට කාලයකට පෙර සිට තම බිරිද එම රෝහලේම වෛද්‍යවරයෙකුගේ සායනයකට යොමු කොට වෛද්‍ය උපදෙස් ලබා ගත් බවයි.

එම උපදෙස් වලදී දරුවා ඉතා හොද සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවට වෛද්‍යවරයා නිගමනය කොට මවගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන්ද සහතික වූ බව කාන්තාවගේ ස්වාමියා වෛද්‍යවරයා විසින් ලබා දෙන ලද සායනික වාර්තා පොලීසියට පෙන්වමින් ප්‍රකාශ කොට තිබෙනවා.

පසුගිය 26 දා දරුවා ලැබීමට බිරිද රෝගී වූ අවස්ථාවේදී ඇයව කිළිනොච්චිය රෝහලට ඇතුළත් කළ බවත් ඊට පසුදින ඇයව සැත්කමකට භාජනය කිරීමෙන් පසුව දරුවා මියගිය බවත් සදහන් කොට ඇති පැමිණිලිකරු ඒ අතරවාරයේ කිළිනොච්චිය රෝහලේ ශල්‍යාගාරයේ සිටි වෛද්‍යවරු තම බිරිදගේ ගර්භාෂය ඉවත් කල බවට තමන්ට දැන ගැනීමට ලැබුණු බවද පවසා තිබෙනවා.

තම බිරිදට ලැබීමට සිටි පලමු දරුවා මියයාමත් බිරිදගේ ගර්භාෂය ඉවත් කිරීමත් නිසා තමන් දැඩි මානසික කම්පනයකට පත්ව සිටින බවයි පැමිණිලිකරු සදහන් කොට සිටින්නේ.

මේ සිද්ධියට සම්බන්ධ සියළු දෙනාට නීති මගින් කටයුතු කොට ඔවුන්ට දඩුවම් ලබා දෙන ලෙසත් ඔහු සිය පැමිණිල්ල මගින් ඉල්ලා තිබෙනවා.

මේ ගැන කිළිනොච්චිය රෝහලේ වෛද්‍යවරුන්ගෙන් හා පාලන අධිකාරියෙන් විමසූ විට ඔවුන් පවසා සිටියේ රෝහලට මේ වන තුරු එවැනි පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.

කිළිනොච්චිය ධර්මපුරම් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img