Saturday, March 14, 2026
28.2 C
Sri Lanka

නැවතත් පැය 1 – 3ක විදුලි කප්පාදුවක්. උඩවලව – සමනල වැව් හිදෙයි.

සමනල වැව හා උඩවලව ජලාශවල ජල ධාරිතාව ප්‍රමාණවත් නොවීම මත ඉදිරි කාල සීමාව ඇතුළත ගොවිතැන් කටයුතු මෙන්ම විදුලි බල නිෂ්පාදනයද අඩාළ විය හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

ඉදිරි සතිය තුළදී පමණක් සමස්ථයක් ලෙස රුපියල් බිලියන 30ක පමණ අලාභයක් මෙමගින් සිදුවිය හැකි බවට ඇස්තමේන්තු කර තිබේ.

සමනල වැවේ සිට උඩවලව ජලාශයට දින දහයකට සෑහෙන ජල ප්‍රමාණයක් ලබා ගැනීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය හා විදුලිබල අමාත්‍යාංශය නිලධාරීන් සමග සිදුකරන ලද සාකච්ඡාවේදී මේ බව හෙළි වී තිබේ.

පසුගිය කාලයේ දී මෙම ජලාශයට අපේක්ෂිත වර්ෂාවෙන් ලැබී ඇති 50% ක ජල ධාරිතාවකි.

ඒ අනුව පවතින ජල සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඉදිරි සතිය තුළදී මෙම අලාභ සිදු වීමට නියමිත අතර විදුලි නිෂ්පාදනය ද අඩාල වීම හේතුවෙන් අලාභය තවදුරටත් ඉහළ යනු ඇති බවට ඇස්තමේන්තු ගත කර තිබේ.

පවතින තත්ත්වය මත සමනලවැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය නිකුත් කළ හොත් දකුණු පළාතට පැය එකේ සිට තුන දක්වා විදුලි කප්පාදු කිරීමට සිදුවනු ඇති බවද එහිදී දැනුම් දී තිබේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img