Thursday, May 7, 2026
22.3 C
Sri Lanka

ලොවක් කතා කළ නඩුවෙන් නිදහස් වූ ධනුෂ්ක මාස 11 කට පසු දිවයිනට.

ඕස්ට්‍රේලියාවේදී ලිංගික අතවර චෝදනා එල්ලවූ නඩුවෙන් නිදහස ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ රාත්‍රියේ මෙරටට පැමිණියා.

ඔහු මෙලෙස දිවයිනට පැමිණියේ මාස 11 කට පසුවයි. ඕස්ට්‍රේලියාවේදී කාන්තාවක් ලිංගික අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් එල්ලවූ චෝදනා යටතේ සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ විභාගවූ නඩුවෙන් නිදොස්කොට නිදහස් වීමෙන් පසුවයි ධනුෂ්ක මෙලෙස මෙරටට පැමිණියේ.

අදාළ සිද්ධියෙන් පසු ධනුෂ්ක ගුණතිලකට තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් කටයුතු කළා.

ඉකුත් වසරේ පැවති පන්දුවාර 20 ලෝක කුසලාන තරඟාවලිය අතරවාරයේදී ධනුෂ්ක ගුණතිලක ටින්ඩර් නම් සමාජ මාධ්‍ය හරහා හඳුනාගත් 29 හැවිරිදි තරුණියක් ලිංගික අපයෝජනයට ලක් කළ බවට එරට පොලිසිය හමුවේ ඔහුට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව, සිඩ්නි පොලිසිය 2022 වසරේ නොවැම්බර් මස 6 වන දා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැඳී සිටි හෝටලය තුළදී ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගත්තා.

පසුව ඔහු සිඩ්නිහි රැඳවුම් මධ්‍යස්ථානයක දින 11කට ආසන්න කාලයක් රඳවා සිටි අතර අනතුරුව ඔහු මුදා හැරුණේ දැඩි ඇප කොන්දේසි මතයි.

ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොණුකර තිබූ එම නඩුව සිඩ්නි නුවර නිව් සවුත්වේල්ස් දිස්ත්‍රික් අධිකරණයේ දී ඉකුත් 21 වැනිදා විභාග කර අවසන් වූ අතර, එහි තීන්දුව ප්‍රකාශ කරමින් ධනුෂ්ක ගුණතිලක නිදොස් කොට නිදහස් කිරීමටයි එරට අධිකරණය තීන්දු කළේ.

මෙරටට පැමිණීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ධනුෂ්ක ගුණතිලක පැවසුවේ මාස 11 කට වැඩි කාලයක් තමා මෙම පීඩනය දරා ගත්තේ ක්‍රීඩාවෙන් ලද අත්දැකීම් හේතුවෙන් බවයි.

ලිංගික අපයෝජන සිද්ධියත් සමඟ ධනුෂ්ක ගුණතිලකට පැනවූ ක්‍රිකට් තහනම මේ වන තෙක් ඉවත් කර නැහැ.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇති බවයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වුණේ.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ඉකුත්දා පැවසුවේ ධනුෂ්ක ගුණතිලක විනය කඩකිරීමේ සිද්ධීන් කිහිපයකට චෝදනාවලට ලක්ව ඇති බැවින් ඔහුට යළි ක්‍රීඩා පිටියට පිවිසීම සම්බන්ධයෙන් කොන්දේසි පැනවීමට සිදුවිය හැකි බවයි.

ටී කේ ජි කපිල

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img