Monday, February 2, 2026
20.6 C
Sri Lanka

බිල්පත් නොගෙවීම හේතුවෙන් කාර්තු 03ක දී ලක්ෂ 08කගේ විදුලිය විසන්ධි කෙරේ.

විදුලි බිල්පත් ගෙවාගත නොහැකි වීම හේතුවෙන් පසුගිය කාර්තු 03ක දී ලක්ෂ 08කගේ විදුලිය විසන්ධිකර ඇති බවට ආර්ථීක අර්බුදයේ බලපෑම් සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී තොරතුරු අනාවරණය වී තිබේ.

පසුගිය දා පැවති මෙම කාරක සභා රැස්වීමේ දී මෙම තොරතුරු පිළිබඳව ඉතා ගැඹුරින් සැලකිල්ලට භාජනය වී ඇති බව සඳහන්ය.

මෙහිදී අනාවරණය වී ඇත්තේ මෙම විදුලිය විසන්ධි කිරීම්වලින් බොහෝමයක් අන්ත දිලිඳු ජනතාවගේ සම්බන්ධතා බවය.

නිශ්චිත තොරතුරු නොමැති එම විදුලිය විසන්ධිකිරීම් හේතුවෙන් ළදරුවාගේ පෝෂණයේ සිට දරුවන්ගේ අධ්‍යාපනය ඇතුළු බොහෝ දේ ඔවුන්ට අහිමි වී ඇති බවට මෙහිදී තොරතුරු අනාවරණය වී තිබේ.

මෙම තත්ත්වය හේතුවෙන් මොවුන්ට අනාගතයේ භයානක සමාජ තලයක් නිර්මාණය කිරීමට පදනම සපයන කාරණයක් විය හැකි බවට නිරීක්ෂණය වන බව කාරක සභාව පෙන්වා දී ඇත.

ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම මෙන්ම තිරසාර ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීම සඳහා පහසුකම් සැපයීමට මහජන උපයෝගීතා කොමිසමට හා විදුලිබල මණ්ඩලයට පවතින වගකීම ද සැලකිල්ලට ගෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිරීක්ෂණය කර ඇති පිරිවැය නිරූපිත මිලකරණයට කඩිනමින් විදුලි මිලකරණය පරිවර්ථනය කළ යුතු බවට එම කමිටුව විසින් නිර්දේශ කර තිබේ.

ඒ අනුව යෝජනා 05ක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් මහජන උපයෝගීතා කොමිසමට නිර්දේශකර ඇති බව සඳහන්ය.

මෙම වසරේ ජනවාරි මාසයේ සිට මාස 03ක කාලයක් තුළ බෙදී යන අයුරින් විදුලි ගාස්තු පහළ දැමීමට විදුලි බල මණ්ඩලයට නියෝග කිරීම ඉන් එක් කරුණක් වේ.

අන්තද්‍රරිද්‍රතාවයෙන් පසුවන පවුල් ඒකක සඳහා විශේෂ සාධාරණත්ව මිල ක්‍රමයක් හඳුන්වා දීම, ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා කර්මාන්ත පද්ධතිය ආරක්ෂා වන මිලකරණ ප්‍රතිපත්තියක් අදාළ අංශ හා අමාත්‍යංශ එක්ව කඩිනමින් හඳුන්වා දීම එහි දෙවන හා තුන්වන යෝජනා වන බව සඳහන්ය.

එමෙන්ම මෙම වසරේ ඉදිරි කාලයේ දී මිලකරණය සඳහා විනිවිඳභාවයකින් යුතු පුර්ණ සමාලෝචනයක් සතියක් තුළ ආරම්භ කිරීම එහි තවත් යෝජනාවක් වේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img