Monday, April 13, 2026
21.9 C
Sri Lanka

වාර්ෂික ස්ථාන මාරුවීම් ගැන රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් දැඩි තීරණයක්.

වාර්ෂික ස්ථාන මාරුවීම් යටතේ 2024 වර්ෂය සඳහා ලබාදී ඇති ස්ථානමාරුවීම් වහාම ක්‍රියාත්මක කරන ලෙස සියලු අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඉල්ලීමක් කර තිබේ.

රාජ්‍යසේවා කොමිෂන් සේවා සභාවේ ලේකම්වරයා විසින් ලිඛිතව අදාළ දැනුම් දීම සිදුකර ඇති බව වාර්තා වේ.

2024 වර්ෂය සඳහා වාර්ෂික ස්ථාන මාරුවීම්වලට අදාළව රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ලැබී ඇති අභියාචනා සම්බන්ධයෙන් ද කොමිෂන් සභාවේ තීරණ මේ වන විට දැනුම් දී තිබුණ ද තවදුරටත් විවිධ පාර්ශව වෙතින් ඉල්ලීම් ඉදිරිපත් වන බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවසයි.

මේ හේතුවෙන් වාර්ෂිත ස්ථාන මාරුවීම් යටතේ ලබා දී ඇති ඇතැම් ස්ථානමාරු චක්‍ර ක්‍රියාවට නැංවිය නොහැකි වී ඇති අතර එම නිසා අදාළ ස්ථානමාරුවීම් චක්‍රවල සිටින අනෙකුත් නිලධාරීන් අගතියට පත්ව ඇති බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පෙන්වා දෙයි.

වාර්ෂික ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ලබාදී ඇති තීරණ පිළිබඳව අතෘප්තියට පත්වන නිලධාරීන්ට පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරිය වෙත සිය අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවසයි.

එහෙත් එම අභියාචනා සම්බන්ධයෙන් පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරයේ තීරණ ලැබෙන තෙක් අදාළ ස්ථාන මාරු එලෙසින්ම ක්‍රියාත්මක විය යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව අමාත්‍යංශ ලේකම්වරුන්ට සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

ඒ අනුව 2024 වාර්ෂික ස්ථාන මාරු නියෝග සම්බන්ධයේයෙන් නැවත නැවත රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ඉල්ලීම් නොකරන ලෙස ද විධිමත් පරිදි ස්ථාන මාරුවීම් ලබා ඇති නිලධාරීන් සේවයෙන් නිදහස් කරන ලෙස ද රාජ්‍ය සේවා කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img