Sunday, April 5, 2026
22.8 C
Sri Lanka

මිත්තණියගේ ම#රණයට සැකපිට 15 හැවිරිදි මුණුපුරා අත්අඩංගුවට

හැත්තෑ හැවිරිදි මිත්තණියගේ මරණයට සැකපිට පහළොස් හැවිරිදි ඇගේ මුණුපුරා පෙරේදා (27වැනිදා) අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය පවසයි.

බෙලිඅත්ත නිහිලුවේ පදිංචි පහළොස් හැවිරිදි පාසල් ශිෂ්‍යයකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. ඔහු මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින අයෙකි.

බෙලිඅත්ත නිහිලුවේ පදිංචිව සිටි වීරපුලිගේ පුංචිහාමි නමැති හැත්තෑ හැවිරිදි කාන්තාවක ඉකුත් 17 වැනිදා නිවසේදී මියගොස් තිබිණි. වසර දහයක පමණ කාලයක සිට ඇය රෝගාතුරව සිටියදී මෙලෙස මියගොස් ඇත. සිය මිත්තණිය මියගිය බව නිහිළුව ගමේ ග්‍රාම නිලධාරිට පහළොස් හැවිරිදි මුනුපුරා විසින් දන්වා ඇත. පසුව ග්‍රාම නිලධාරිගේ උපදෙස් පරිදි මුනුපුරා සිය මිත්තණිය මියගිය බවට බෙලිඅත්ත පොලිසියටද පැමිණිලි කර ඇත.

මියගිය කාන්තාවගේ භුමදාන කටයුතු ඉකුත් 19 වැනිදා කර ඇත.

ඇය මිය යාමට සති දෙකකට පමණ ඉහතදී අසල්වැසි නිවසක සොරකමක් සිදුව තිබූ අතර ඒ සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබිණි. එම සොරකම දෙසැම්බර් 30 වැනිදා සිදුව තිබී ඇති අතර නිවසේ තිබූ රන් භාණ්ඩ කිහිපයක් අතුරුදන්ව ඇත.

මෙම සොරකම සම්බන්ධයෙන් අසල්වැසි නිවසේ වාසය කළ පහළොස් හැවිරිදි පාසල් ශිෂ්‍යාගෙන්ද බෙලිඅත්ත පොලිසිය ප්‍රශ්න කර තිබිණි. තමා රන් භාණ්ඩ සොරකම් කළ බවට පාසල් ශිෂ්‍යයා පොලිසිය හමුවේ පිළිගෙන ඇතැයි පැවසේ. එමෙන්ම තම මිත්තණිය ගෙල බැඳි රන්මාලයද තමා කඩා ගත් බව ඔහු පොලිසිය හමුවේ පවසා තිබිණි.

පාසල් ශිෂ්‍යයා කරුණු හෙළි කරන විට මිත්තණිය මිය ගොස් සිටි බැවින් ඇයගේ මරණයට සැකපිට ඇයගේ මුණුපුරා බෙලිඅත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. අසල්වැසි නිවසෙන් සොරකම් කරන ලද රන් භාණ්ඩ කිහිපයක්ද පාසල් ශිෂ්‍යයාගේ තොරතුරු අනුව බෙලිඅත්ත පොලිසිය සොයාගෙන තිබිණි.

තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් නියෝගයකට අනුව මියගිය කාන්තාවගේ සිරුර අද (29ැනිදා ) ගොඩගැනීමට නියමිතය. කාන්තාව භූමදානය කළ ස්ථානයට ඊයේ පොලිස් ආරක්ෂාව යොදවා තිබිණි.

අත්අඩංගුවට ගත් පාසල් ශිෂ්‍යයා බෙලිඅත්ත කොට්ඨාසයට අයත් පාසලක ඉගෙන ගන්නා අතර ඔහු එම පාසලේ ශිෂ්‍ය නායකයකු ලෙසද කටයුතු කරන්නකු බවට අනාවරණය වී ඇත.

බෙලිඅත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරති.

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img