Monday, February 2, 2026
20.6 C
Sri Lanka

වසර හතරක පසු ඇහෙන අනුවේදනීය කතාව මෙන්න.

මේ කියන්න යන්නේ මීට වසර 4කට පෙර අපි කාටත් අත්විඳින්න ලැබුණ භයානක අත්දැකීමක් ගැන කතාවක්..

කොවිඩ් කියන්නේ ලෝක වසංගතයක්..

ඒ ගැන ලෝකයට නිල වශයෙන් අනාවරණය වන විටත්, ගොඩක් දෙනෙක් ඒ නිසා බියට පත්වෙලා.. ඒ වගේමයි වසර 4කට පස්සේ මුල්වතාවට මේ ගැන මාධ්‍යයට අනාවරණය කළ මාධ්‍යවේදිනියට මොකද වුණේ..?

මේ ඒ ගැන ඇහෙන කතාවයි.. චීනයේ වූහාන් නුවර කොවිඩ් වසංගතයේ ව්‍යාප්ත වූ මුල් දිනවලදී එය රූගත කර ප්‍රසිද්ධ කිරීම හේතුවෙන් වසර 4ක සිර දඬුවම් විඳිමින් සිටි චීන මාධ්‍යවේදිනිය ගැන නැවතත් කතාබහක් ඇති වෙලා.. මේ වන විට නිදහස ලබාදීමට සූදානමක් පවතින බවයි ඇතැම් විදෙස් මාධ්‍ය පවසන්නේ..

හිටපු නීතිඥවරියක වන ෂං ෂාන් නමැති එම මාධ්‍යවේදිනිය වසර 2020 මැයි මාසයේදී අත්අඩංගුවට පත්වී ඇත්තේ කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය පිළිබඳ චීන රජයේ ප්‍රතිචාර සොයා බැලීම සඳහා වූහාන් නගරයට ගොස් එහි තොරතුරු වීඩියෝ ගතකර සමාජ මාධ්‍යජාලයට මුදා හැරීම හේතුවෙන් බවයි වාර්තා වුණේ..

සිරගතවි සිටින අතරතුර ඇය නිදහස වෙනුවෙන් උපවාසයක නිරතව සිටි බවත්, එම වසරේ සැප්තැම්බර් මාසය වන විට ඇය දුර්වල තත්ත්වයෙන් පසුවූ බවයි වාර්තා වෙන්නේ..

කෙසේ වෙතත්, වුහාන් නුවරට ගොස් කොවිඩ් වසංගතය පිළිබඳ ගවේෂණයක නිරත වීම සිර දඬුවමට ලක්වීමට ඇය විසින් සිදු කරනු ලැබූ අපරාධය බව ඇයට දඬුවම් නියම කරමින් විනිසුරුවරයා ප්‍රකාශ කළ බව ද ඇගේ සහායක නීතිඥවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ..

ෂං ෂාන් නැමති මේ මාධ්‍යවේදිනිය සිර දඬුවමින් නිදහස් වුවද, මාස තුනක පමණ කාලයක් ගතවනතුරු ඇයට කිසිදු පුද්ගලයකු සමඟ සම්බන්ධතා පැවැත්වීමටත්, බාහිර ලෝකය සමඟ කටයුතු කිරීමට අවස්ථාවක් හිමි වන්නේ නැහැ..

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img