Saturday, March 14, 2026
25.2 C
Sri Lanka

ගිය වසරේ ආර්ථිකය ගැන නන්දලාල්ගෙන් ප්‍රකාශයක්

මෙරට ආර්ථිකය පසුගිය වසරේදී සියයට 5 කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කර ඇති බවත් එය මෙරට ආර්ථිකය වසර හතකින් වර්ධනය වූ වැඩිම ප්‍රතිශතය බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (08) ප්‍රකාශ කළේය.

මහ බැංකුවේ 2025 වසර සහ ඉන් ඔබ්බට ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ න්‍යාය පත්‍රය පිළිබඳ මූල්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් සහ මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා මහ බැංකු පරිශ්‍රයේදී පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනේදී මහ බැංකු අධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 2024 වසරේදී සියයට 5 කින් වර්ධනය වී ඇති බව පුරෝකථනය කර ඇති බවත් 2017 වසරින් පසුව වසරකදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය වූ ඉහළම ප්‍රතිශතය මෙය බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එහිදී පැවැසුවේය. 2017 වසරේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය සියයට 6.46 කින් වර්ධනය විය.

2023 වසරේ දෙවැනි බාගයේදී මෙරට ආර්ථිකය ධනාත්මක ගමනක් ආරම්භ කළ බවත් පසුගිය වසරේදී මෙරට ආර්ථිකය ශක්තිමත්ව යථා තත්වයට පත්වූ බවත් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය. එයට අඩු උද්ධමන පරිසරය සහ මහ බැංකුව ක්‍රියාත්මක කළ මුදල් ප්‍රතිපත්තිය සහායක් වූ බව මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය.

පසුගිය වසරේ මුල් කාර්තු තුනේදී මෙරට ප්‍රධාන ආර්ථික අංශ වර්ධනයක් වාර්තා කරමින් සියයට 5.2 ක ආර්ථික වර්ධනයක් වාර්තා කළ බවද ඔහු ප්‍රකාශ කළේය. පළමු කාර්තු තුනේ ගොඩ නගාගත් ආර්ථික ක්‍රියාකාරකම්වල ගම්‍යතාව අඛණ්ඩව සිව්වැනි කර්තුවතෙක් ඉදිරියට ගෙන ගොස් ඇති බව කර්මාන්ත සහ සේවා අංශවල ප්‍රමුඛ ආර්ථික දර්ශක පෙන්නුම් කරන බවද ඔහු පැවැසුවේය

(විමුක්ති එස් රුද්‍රිගු)

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img