Friday, December 5, 2025
20.8 C
Sri Lanka

ප්‍රධාන සැකකරු ෂෙරිෆ්ඩීන් පුත්තලමේදී අල්ලයි – පිස්තෝලය ගෙනා වෙස්වලාගත් නීතීඥවරිය තවම නිදැල්ලේ

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු වන මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් (34) පුත්තලම පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. වාර්තාවන ආකාරයට අධිකරණ භූමියට රිවොල්වරය පොතක සගවාගෙන රැගෙන විත් ඇත්තේ මෙම පුද්ගලයා නොව ඔහුට සම්බන්ධිත කාන්තාවකි. දෙදෙනාම නීතීඥ වෙසින් පැමිණ ඇති අතර කාන්තාව තවම අත්අඩංගුවට ගෙන නැත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා විසින් පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදී අනාවරණය කළ තොරතුරු අනුව, සැකකරු ඉකුත් මාසයේ 7 වන දින ගල්කිස්ස, වටරප්පල ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියටද සම්බන්ධ බව තහවුරු වී ඇත.

ගණේමුල්ල සංජීව නමින් ප්‍රසිද්ධ සංජීව කුමාර සමරරත්න අද (19) දින කොළඹ අලුත්කඩේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණයේදී නීතිඥවරයෙකු සහ නීතිඥවරියක් ලෙස වෙස්ගත් පුද්ගලයන් දෙදෙනෙකු විසින් සැලසුුම් වෙඩි ප්‍රහාරයකින් ඝාතනය විය. මෙම සිද්ධියට සම්බන්ධ කාන්තා සැකකාරිය මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයෙකු බවද ඇය සොයමින් පවතින බවද පොලීසිය සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසූ පරිදි, සැකකාරිය රටින් පලා යාම වැළැක්වීම සඳහා ගුවන්තොටුපොළ බලධාරීන් දැනුවත් කර තිබූ අතර, අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 5ක් ද යොදවා තිබේ.

සිද්ධිය සිදුවූ දිනයේ උදෑසන බූස්ස බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙන ආ ගණේමුල්ල සංජීවගේ ආරක්ෂාව සඳහා බන්ධනාගාර නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 12 දෙනෙකු යොදවා තිබුණි. මිනීමැරුම්, කොල්ලකෑම්, කප්පම් ගැනීම් සහ නීති විරෝධී ගිනි අවි ළඟ තබා ගැනීම වැනි චෝදනා රැසකට ලක්ව සිටි ගණේමුල්ල සංජීව, අධිකරණ සංකීර්ණය තුළදී එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් මරණයට පත්විය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගේ ප්‍රකාශයට අනුව, “වෙඩික්කරු සහ රිවෝල්වරය රැගෙන පැමිණි කාන්තාව යන දෙදෙනාම හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගැනීම සඳහා දැඩි පරීක්ෂණ පැවැත්වෙමින් පවතී.

කෙටි කලකින් මෙම විමර්ශන අවසන් කර සියලු අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවා ගැනීමට හැකිවනු ඇතැයි අපි විශ්වාස කරනවා.”

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වෙන අතර, අධිකරණ පරිශ්‍රය තුළ සිදුවූ මෙවැනි බරපතල ආරක්ෂක සිද්ධියක් පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේය.

Hot this week

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

Topics

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...

වසර 70කට පසු රුසියාවෙන් උතුරු කොරියාවට සෘජු ගුවන් ගමන්: ලෝකය මවිත කළ අලුත් සබඳතාවක්!

දශක ගණනාවකට පසු, ලෝකයේ අවධානය දිනාගත් සුවිශේෂී සිදුවීමක් පසුගියදා...

දෙහිවල තරුණයාගේ ඝාතකයා කහතුඩුවේ වෙඩි හුවමාරුවකින් මරුට

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img