Friday, May 1, 2026
23 C
Sri Lanka

මෝල්ටාවේ අපි ආයෝජනය කරලා නෑ,චෝදනා අසත්‍යයි – ජවිපෙ නායකයා කියයි

මෝල්ටා රාජ්‍යයේ මුදල් ආයෝජනය කර ඇති බවට ඇතැම් පාර්ශව සිදුකරන චෝදනාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, අදාළ චෝදනා ඔප්පු කරන ලෙස තමා එම පිරිස් වෙත අභියෝග කරන බවය.

ගම්පහ ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.

“අපි දූපත්වල සල්ලි ආයෝජනය කරනවා කියලා එක්කෙනෙක් කියනවා. කිව්වට පස්සේ තිස්ස කුට්ටියා කියනවා අපිට දඬුවම් දෙන්න ඕනේ කියලා. ටික දවසකින් මාව හිරේ යවනවා ලු. මමත් අපේ පක්ෂයේ කිසිවෙක් මේ රටේ මහජනයාගේ මුදල් සතයක් හොරකම් කරලා නෑ. එහෙම නාස්ති කරලා තියෙනවා නම් මේ විදියට අපිට දේශපාලනය කරන්න වෙන්නේ නෑ. දවසක් පාර්ලිමේන්තුවේ දී ජොන්ස්ටන් ප්‍රනාන්දු කිව්වා මට වංචනිකයින්ට, දූෂිතයින්ට දඬුවම් දෙන්න මට බලය තියෙනවා කියලා. මං නැගිටලා කිව්වා, ඒ බලය තිබුණානම් ඉස්සරහා පේළියේ ගොඩක් අය ඇතුළේ කියලා. අපි මඩ, අවලාද කිසිදේකට සැලෙන දේශපාලන ව්‍යාපාරයක් නෙමෙයි. මෙහෙම දේශපාලන බෙදීමක් ලංකාවේ මෑත කාලයේ සිදුවුණේ නෑ. ඒගොල්ලේ වෙන වෙන බෙදීම් හැදුවා. එකිනෙකා ඇනකොටා ගන්නා රටක් හැදුවා ඒ අය. බැහැයි පළමු වතාවට ප්‍රභූ දුෂිත පැලැන්තියට එරෙහිව පොදු ජනයාගේ ඒකාබද්ධතාවය සහිත ව්‍යාපාරය ගොඩනැගිලා තියෙනවා. ඒක තමා අවස්ථාව. මේක තමා අත්පත් කරගත යුතුම අවස්ථාව.”

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img