Friday, May 1, 2026
22.2 C
Sri Lanka

රෝහලෙන් දුන්න එන්නතින් පසු පුතා යළි නැගිට්ටේ නැහැ – දෙමාපියන් කියයි.

බොරැල්ල රිජිවේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර සිටි සය හැවිරිදි තම සිඟිති පුතුට ප්‍රතිජීවක ඖෂධයක් ලබාදීමෙන් පසු මියගිය බවට මව්පිය යුවළක් චෝදනා කර සිටිති.

මෙලෙස අවාසනාවන්ත අන්දමින් මියගොස් ඇත්තේ කැලණිය, දිප්පිටිගොඩ පදිංචිව සිටි තෙනුජ සස්මිර නානායක්කාර නමැති සිඟිති දරුවෙකි.

මෙම සිද්ධියෙන් මුළු කැලණියම එකම මළගමක් බවට පත් වී තිබේ.

දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වූයේ ලබාදුන් ප්‍රතිජීවක ඖෂධය (ඇන්ටිබයොටික්) නිසා බව ද එම මව්පියන් චෝදනා කරති.

තෙනුජ පුතු බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබුණේ පසුගිය 9 වැනිදාය. දරුවාගේ ඇති වී තිබූ ආබාධයකට සහ උණ රෝගය වැළඳීම හේතුවෙන් මෙලෙස රෝහලට ඇතුළත් කර තිබිණි. දින 6 ක් තිස්සේ තෙනුජ පුතුට රෝහලෙන් විවිධ ප්‍රතිකාර ලබා දුන්නද සුවයක් ලැබී තිබුණේ නැති බව මව්පියන් කියා සිටියහ.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දරුවාගේ රෝගී තත්ත්වය හඳුනාගැනීමට නොහැකි වූ බව වෛiවරුන් පැවසී යැයි ද මව්පියන් කීහ.

දරුවාගේ පියා –

“දොස්තරලා කිව්වා දරුවාගේ ලෙඩේ තාම සොයාගෙන නැහැ කියලා. දරුවාගේ පරීක්‍ෂණ කරනවා. ටික කාලයක් යයි කියලා. පරීක්‍ෂණ කරලා තමයි ලෙඩේ හොයාගෙන බෙහෙත් කරන්න ඕනෙ කියලත් කිව්වා.

“දරුවා මගේ වයිෆ්ට කියලා තිබුණා මට හුස්ම ගන්න අමාරුයි අම්මේ කියලා. පස්සේ වයිෆ් මේ ගැන දොස්තර මහත්වරුන්ට කියා තිබුණා. පසුව දොස්තර මහත්වරුන් ඇවිත් දරුවව අයි.සී.යූ එකට ඇතුළත් කර තිබුණා. අයි.සී.යූ. එකට දාන්න කලින් දරුවා හොඳට හිටියා. දරුවා මගේ මුහුණ දිහාත් බලාගෙන හිටියා. ඊට පස්සේ දොස්තරලා ගැහුවා සිහිනැතිවෙන ඉන්ජෙක්ෂන් එක. ඒක දරුවට ගැහුව ගැහුවමයි දරුවා උදේ වෙනකම් ඇහැරුණේ නැහැ.”

දරුවා නැතිවුණු දවසේ දොස්තර මහත්වරු ඇවිත් කියනවා දරුවගේ පෙනහලු දෙක හොඳටම සවුත්තු වෙලාලු. දවසකට ඉස්සෙල්ලා ගත්තා දරුවාගේ එක්ස්රේ එකක්. එතකොට පෙනහලු හොඳට තියෙනවා කිව්වා. පැය භාගයකට පස්සේ ගත්ත එක්ස්රේ එකේ තියෙනවලු දරුවාගේ පෙනහලු හොඳටම නරක් වෙලා කියලා. ඒ අය දන්නවා දරුවට කිසි රෝගයක් නැහැ කියලා. මේක හිතුමතේට කලේ. දරුවට ඇන්ටිබයිටික් දුන්නා. සැර වැඩියි ඒව දරුවට.”

දරුවාගේ මව

මේ රෝහලේ ඉන්නේ කිසිම වගකීමක් නැති අය. මගේ අහිංසක දරුවා නැතිවුණා. ඇයි දෙයියනේ දරුවට මෙහෙම දෙයක් වුණේ. රෝහලේදී අම්මේ අම්මේ කියලා හොඳට කතා කරපු පුතා අද අපිට නැතිවෙලා.

ළමා රෝහලට මෙම මව්පියන් එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් විමසීමට අප ඊයේ (20 වැනිදා) එහි අධ්‍යක්‍ෂ විශේෂඥ වෛi ජී. විජේසූරිය මහතාව සම්බන්ධ කරගත්තෙමු.

ඒ මව්පියන් එල්ල කරන චෝදනා සියල්ල අපි ප්‍රතික්‍ෂේප කරනවා. දරුවාට ලබාදුන් ප්‍රතිජීවක ඖෂධ (ඇන්ටිබයිටික්) නිසා දරුවාට මේ මරණය සිදු වූ බවට කිසිදු හේතු සාධකයක් නැහැ. මරණ පරීක්‍ෂණයෙන්වත් එහෙම දෙයක් සානථ වෙලා නැහැ.”

මේ දරුවා ඇතුළත් කර තිබුණේ උණ හා හන්දි ඉදිමීමට අදාළවයි.

“මරණ පරීක්‍ෂණයේදී තහවුරු වෙලා තියෙනවා ක්‍ෂය රෝගය වැළඳී ඇති බව. ක්‍ෂය රෝගය තියෙන විට අනිවාර්යයෙන් ම ප්‍රතිජීවක ඖෂධ ලබාදිය යුතුමයි. තව මේ දරුවාට පාංශු උණ වැළඳී ඇති බවටත් දැන් සැකයක් මතුවෙලා තියෙනවා. ඒ ගැනත් සනාථ කර ගැනීමට පරීක්‍ෂණ කරමින් පවතිනවා. වෛiවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය මේ දරුවා බේරාගැනීමට උපරිම වෙහෙසක් ගත්තා.”
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ මංගලා මදුරප්පෙරුම – කැලණිය

Hot this week

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

Topics

අලුත් ව්‍යවස්ථාවේ බුදුදහමට මූලිකත්වය නැද්ද?

නව ආණ්ඩුක්‍රමයක් පිළිබඳ කතිකාව යලිත් වරක් සමාජයට මාතෘකාවක් බවට...

කෙරවළපිටියේ මෙහෙණින් වහන්සේලාට බැණ වදින ඔගස්ටින් අත්අඩංගුවට (video)

මෙහෙණින්වහන්සේ නමකට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අසැබි වදනින් තර්ජනය කර...

“රටම එකට” මෙහෙයුම දින තුනට 3000ක් අල්ලයි

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ...

කෙහෙල්බද්දර මෙහෙයුමේ ඉන්දුනීසියා නිළධාරීන් ඇගයේ

ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේගෙන් රූපවාහිනී නාලිකාවකට ප්‍රකාශයක්

ගම්පහ, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ආශ්‍රිත පාතාල ක්‍රියාකාරකම් රැසකට මෙන්ම,...

වෙහෙසකර උත්සාහයක ප්‍රතිඵලයක්

30% ට්‍රම්ප් බද්ද 20%ට අඩුකිරීම වෙළෙඳපොළ තුළ කලාපීය තරගකාරීත්වයට...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img